Add CSS based dropdown menu to blogger

NEWS

2 January 2015

සැලැබ් එකකට යන අමුද්‍රව්‍ය ප්‍රමාණය හා වියදම

සුභ දවසක් හැමොටම...
2015ත් උදා වුනා.හැමොටම සුභ අළුත් අවුරුද්දක් වේවා.....



ක්‍රොන්ක්‍රීට් මිශ්‍රණයකින් 1m
3 නිපදවා ගැනිමට අවශ්‍ය අමුද්‍රව්‍ය සියෙන්ති,වැලි,මැටල් ප්‍රමාණයන් වෙන වෙනම ගණනය කරන අයුරු අද ඉගෙන ගමු.මෙයින් අවසානයේ ඔබට තාමාගේ නිවසේ ක්‍රොන්කීට් Slab එකක් දැමිමක් වැනි අවස්ථාවකදි එහි (දිග X පළල X උස) මැනිමෙන් අවශ්‍ය ක්‍රොන්ක්‍රීට් අනුපාතය දැන ගැනිමෙන් ඒ සදහා යන අමුද්‍රව්‍ය ප්‍රමාණය හා ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රමාණය තිරණය කර ගත හැක.

මෙය සරළව ඔබට පැහැදිලි කිරිමට අවශ්‍ය නිසා මම මෙම මුලික 1:2:4(20mm) ක්‍රොන්ක්‍රීට් අනුපාතය යොදා ගනිමු.

මේ සදහා සිමෙන්ති වල ඝනත්වය 1441Kgm
-3 ලෙස සලකයි.
සිමෙන්ති බැග් 1ක බර 50Kg ලෙස සලකයි.
ක්‍රොන්ක්‍රීට් සදහා හැකිලෙන ප්‍රමාණය 50% ලෙස සලකයි.

මුලික ගණනය කිරිමෙදි මෙම ක්‍රොන්ක්‍රීට් අනුපාතය භාගයක් බවට පත් කර ගත යුතුය.එනම් 1:2:4 = 1+2+4 = 7

එනම් සිමෙන්ති අනුපාතයක් වශයෙන් = 1/7
වැලි අනුපාතයක් වශයෙන්             = 2/7
මැටල් අනුපාතයක් වශයෙන්           = 4/7

ගණනය කිරිම් 1.

සිමෙන්ති ප්‍රමාණය         = (1/7) X 1441
                              = 205.85

සංකෝචනය වන ප්‍රමාණය = 205.85 X 1.5 (හැකිලෙන ප්‍රමාණය 50%ක් නිසා 150/100 = 1.5)

                                = 308.78

සිමෙන්ති බැග් ප්‍රමාණය   = 308.75/50
                             =6.17 Bags

ආසන්න ලෙස සිමෙන්ති බැග් ප්‍රමාණය 7කි.

ගණනය කිරිම් 2.

වැලි ප්‍රමාණය        = (2/7) X 1.5
                     = 0.428

වැලි කියුබ් ප්‍රමාණය = 0.428 X 2.83 (වැලි කියුබ් 1ක් 2.83m3 කි.)
                     = 1.212 Cube

ගණනය කිරිම් 3.

මැටල් ප්‍රමාණය         = (4/7) X 1.5 X 2.83
මැටල් කියුබ් ප්‍රමාණය   = 2.425 Cube

මෙහි සිමෙන්ති සදහා 3%ක නාස්තියක් ද , වැලි සදහා 5%ක නාස්තියක් ද ,මැටල් සදහා 5%ක නාස්තියක් ද සිදු විය හැක.ඒවා මග හැර මෙම ගණනය කිරිම් කර ඇත.එම නිසා මෙහිදි ලැබෙන ප්‍රත්‍රිපල වලට වඩා වැඩි අගයක් ලැබිය හැක.

මේ අනුව 1m
3 ක අමුද්‍රව්‍ය මුළු වියදම සොයා ගත හැක එය රුපියල් 15000.00 ක් නම්

1m
3කට            = රු/ : 15000.00
2m
3කට           = රු /: 15000.00 X 2 =30000.00
y m
3ප්‍රමාණයකට  = රු/ : 15000.00 X y

මේ ආකාරයට විවිධ අනුපාත වලට අදාල යන සි‍මෙන්ති ,වැලි ,ගල් ප්‍රමාණය ඉහත ගණනය කිරිම් රටාව අනුව සොයා ගත හැක.

1:3:6 (37mm)

සිමෙන්ති     = (1/10) X 1441 X 1.5 / 50 =4.323     = 5 Bags
වැලි         = (3/10) X 1.5 X 2.83     = 1.2735 Cube
මැටල්       = (6/10) X 1.5 X 2.83     = 2.547 Cube

1:1.5:3 (20mm)

සිමෙන්ති    = (1/5.5) X 1441 X 1.5 / 50 =7.86       = 8 Bags
වැලි        = (1.5/5.5) X 1.5 X 2.83    = 1.157 Cube
මැටල්      = (3/5.5) X 1.5 X 2.83     = 2.315 Cube

1:1:2 (20mm)

සිමෙන්ති   = (1/4) X 1441 X 1.5 / 50 =10.8075        = 5 Bags
වැලි       = (1/4) X 1.5 X 2.83      = 1.06125 Cube
මැටල්     = (2/4) X 1.5 X 2.83      = 2.1225 Cube

3 comments:

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.