Add CSS based dropdown menu to blogger

NEWS

19 January 2013

කේන්ද්‍රයක නිරවද්‍යතාවය

කේන්ද්‍රයක් පරීක්ෂා කිරීමට ලැබුණු විට මුලින්ම බැලිය යුතු වන්නේ එම කේන්ද්‍රය එහි උපන් දිනය, වේලාව හා උපන් ස්ථානය අනුව නිවැරදි දැයි පරීක්ෂා කිරීමයි.
කේන්ද්‍රයක් වැරදි නම් එය පරීක්ෂා කර කියන සියලු කරුණු වැරදි වේ. කේන්ද්‍රයක නිවැරදිතාවය පරීක්ෂා කර ගත හැකි සරල ක‍්‍රම කිහිපයක් පහත විස්තර වේ.

උපන් වේලාවට අනුව කේන්ද්‍රයක රවි භෙවත් සූර්යාගේ පිහිටීම මගින් දළ වශයෙන් කේන්ද්‍රය නිවැරදි දැයි පරීක්ෂා කළ හැකිය.
උපන් වේලාව පෙ.ව 6 ත් දහවල් 12 අතර නම් එම කේන්ද්‍රයේ රවි ග‍්‍රහයා ලග්නයේ හෝ 12, 11, 10 යන භාව වලින් එකක සිටිය යුතුය. පෙ.ව 6 ට ආසන්න නම් රවි ග‍්‍රහයා ලග්නයේද
දහවල් වන විට පිළිවෙලින් 12, 11, 10 භාව දෙසට යොමු වේ. මේ ආකාරයට පස්වරු 6 වන විට රවි ග‍්‍රහයා ක‍්‍රමයෙන් 9,8 භාව පසු කරමින් 7 වන භාවයට ගමන් කරයි.
රාත‍්‍රී 12 ට ආසන්න වන විට රවිගේ පිහිටීම 6,5 භාව පසු කරමින් 4 වන භාවයට යයි. නැවත උදෑසන වන විට ලග්නය දෙසට යොමු වේ.
එමගින් කේන්ද්‍රයක නිරවද්‍යතාවය එක් පැත්තකින් පරීක්ෂා කළ හැකිය. බොහෝ ඡ්‍යෝතීර්වේදින් වරද්දා ගන්නා තැනක් වෙයි. එනම් විදේශ රටකදී සිදුවූ උපතක කේන්ද්‍රය සෑදීමේදී එම වේලාවට අනුව ලංකාවේ වේලාව ගෙන එයට කේන්ද්‍රය සෑදීමයි. උදාහරණ ලෙස ඕස්ටේ‍්‍රලියාවේදී දහවල් 12 ට උපන් අයෙකුගේ කේන්ද්‍රය සෑදීමේදී එය ලංකාවේ වේලාවට අනුව උදේ 7.30 ට උපන් ලෙස සලකා කේන්ද්‍රය සාදයි. මෙවිට කේන්ද්‍රයේ
රවි ගේ පිහිටීම 12 වන භාවයේ වෙයි. නමුත් ඇත්තටම ඔහුගේ උපන් වේලාව දහවල් 12 බැවින් රවී 11 වන හෝ 10 වන භාවයේ පිහිටිය යුතුය. මෙවැනි ආකාරයේ කේන්ද්‍ර සම්පූර්ණයෙන්ම වැරදි වේ. එය අනුව කියන එලාපල ද නිවැරදි නොවේ.
කේන්ද්‍රයක බුධ ග‍්‍රහයා රවි සිටින රාශියේ හෝ ඊට යාබද රාශියේ සිටිය යුතුය.එසේ නොමැති නම් ගණනය කිරීමේදී සිදුවූ දෝෂයක් නිසා සිදු වූ වරදක් විය හැකිය.
එවැනි වරදක් කේන්ද්‍ර සටහන බැලු බැල්මටම පෙනී යයි.
කිසි විටෙක සිකුරු ග‍්‍රහයාට රවි ගෙන් 4 වැනි රාශියේ සිටිය නොහැක. අනිවාර්යයෙන්ම සිකුරු හා රවි අතර රාශි පරතරය 0,1,2 හෝ 3 ක් විය යුතුය.
සෑම විටම රාහු හා කේතු අතර අංශක 180 ක පරතරයක් තිබිය යුතුය.
බොහෝ ඡ්‍යෝතීර්වේදින් වරද්දා ගන්නා තවත් තැනක් වෙයි. එනම් නවාම්ශකයයි. උදාහරණ ලෙස මේෂ ලග්නය හිමි අයෙකුට මකර හෝ කුම්භ නවාම්ශකය නොලැබේ. වරදින්නේ උපකල්පනයන් නිසාය. එනම් යම් දරුවෙකුගේ කේන්ද්‍රය සාදා අවසානයේ දරුවාගේ ගැහැණු, පිරිමි බව අනුව නවාම්ශය වෙනස් කරයි.ස්තී‍්‍ර නවාම්ශ වල ස්තී‍්‍රන්ද, පුරුෂ නවාම්ශ වල පිරිමි ද උපදින බව සඳහන් බැවින් ගණනයෙන් ආ නවාම්ශකය වෙනස් කරයි. එවිට
මේෂ ලග්නයේ ධනු නවාම්ශකය වෙනුවට මකර නවාම්ශකය යොදයි.එය සම්පූර්ණයෙන්ම වැරදිය.
මෙවැනි තවත් වැරදි සිදුවන අවස්ථා වේ. 

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.