Add CSS based dropdown menu to blogger

NEWS

4 January 2013

පහත් බිම් සඳහා පිරවීමේ අනුමැතිය

ඉඩම් පිරවීමේ ක්‍රියා පරිපාටිය




1. අයඳුම්පත් ඉල්ලුම්කරු විසින් ශ්‍රී ලං.ඉ.ගො.කි සහ සං.ස. වෙන් තැපෑලෙන් හෝ www.landreclamation.lk යන සංස්ථා වෙබ් අඩවියෙන් ලබා ගත යුතුය.


2. කුඹුරු ඉඩම් සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයාගේ නිර්දේශය 
ඉල්ලුම් කිරීමේ ලිපිය සමඟ ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ

3. ඉඩමේ ‍ඔප්පුවේ එක් පිටපතක් සහ

මැනීමේ සැලැස්මේ පිටපත් 03ක් සමග ඉදිරිපත් කළ යුතුය. සැකසුම් ගාස්තු වශයෙන් ආපසු නොගෙවනු ලබන ගාස්තුවක් (රු. 3000/- + ජාතිය ගොඩනැගීමේ බද්ද සහ අගය වැඩිකිරීමේ බද්දක්) ගෙවිය යුතුය.

4. සංස්ථාවේ ඇති අදාල අංශවලින් නිරීක්ෂණ ලබාගත් පසුව අවශ්‍ය වන්නේනම් පහත සඳහන්
ආයතන වලින් නිර්දේශ ලබාගෙන ඉදිරිපත් කරන ලෙස ඔබවෙත ලිඛිතව දැනුම් දෙනු ඇත

5. සේවාලාභියා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමති ද මධ්‍යම පරිසර අධිකාරියේ හා අදාල පලාත් පාලන ආයතනවල අනුමතිය ද ඉදිරිපත් කළ යුතුය.

6. (අවශ්‍ය අවස්ථාවන්හිදී) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අනෙකුත් අදාල ආයතනවල අනුමතිය ද ඉදිරිපත් කළ යුතු වේ.

7. ඉඩමේ සංවර්ධනය භූගෝලීය, ජලාපවහන සහ පාරිසරික තත්ත්ව කෙරෙහි බලපෑම් ඇතිවේදැයි බැලීමට ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඉංජිනේරුවකු, මධ්‍යම පරිසර අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ විසින් ඉඩම පරීක්ෂා කර බැලිය යුතුය.

8. එම පරීක්ෂාවෙන් පසු නිර්දේශ සහිත වර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

9. ඉන්පසු අදාළ වාර්තාව සැලසුම් කමිටුවට ඉදිරිපත් කරන අතර අවසන් තීරණය ගනු ලබන්නේ සැලසුම් කමිටුව විසිනි.

10. සැලසුම් කමිටුවේ අනුමතිය ලබා ගත් පසු සේවා ලාභියා විසින් සේවා ගාස්තුවේ ඉතිරි මුදල ගෙවිය යුතුය.

11. ඉංජිනේරුමය ජල විද්‍යාවට අනුව ජලාපවහන සැලසුම් / ජලාපවහන තත්ත්වය සකස් කළ යුතුය.

12. ඉන්පසු තත්ත්ව ලිපිය / ජලාපවහන සැලසුම්, කුඹුරු ඉඩමක් නම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවටත්, කුඹුරු ඉඩමක් නොවේ නම් ඉඩම් හිමියාටත් නිකුත් කරනු ලැබේ.


අයදුම්පත් ආකෘතිය
උපදෙස් සටහන


මෙම ලියකියවිලි කියවීමට ඇක්රොබැට් රීඩර් මෘදූකාංගය අවශ්‍ය වේ.

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.