Add CSS based dropdown menu to blogger

NEWS

2 January 2013

පාංශු විද්‍යාව (පස් පිළිබඳව අධ්‍යයනය)

පාංශු විද්‍යාව (ග්‍රීක භාෂාවෙන් මෙය පස් පිළිබඳ දැනුම යන අර්ථය ගෙන දේ) යනු පස් පිළිබඳව එහි ස්වභාවික පරිසරයේදී අධ්‍යයනය කිරීමයි. එය පාංශුමය විද්‍යාවේ ප්‍රධාන ශාඛා දෙකෙන් එකකි. අනෙක් ශාඛාව භෞම විද්‍යාවයි. පාංශු විද්‍යාවට අදාළ වන්නේ පාංශු ජනනය පාංශු රූප විද්‍යාව හා පාංශු වර්ගීකරණයයි.


පස පිළිබඳ සමාලෝචනය

පස යනු ශාක සඳහා උපකාරයක් පමණක්ම නොවේ. නමුත් 
එය දේශගුණය (ජලය , වාතය උෂ්ණත්වය) පාංශු ජීවය (ක්‍ෂුද්‍ර ජීවින්, ශාක, සතුන්) හා එහි ශේෂයන් අතර විවිධාකාර අන්තර් ක්‍රියා සිදුවන කලාපයයි. මීට අමතරව මෙය යටතට මූලික හා පසුව එකතු වූ පාෂාණවල ඛණිජමය අනුවර්තනයන් සහ භූ දර්ශනයේ එහි පිහිටීම පිළිබඳව ද අයත්වේ. පස සකස් වීමේදී හා ජනනයේදී පාංශු පැතිකඩ සෙමින් ගැඹුරු වන අතර තිරසයන් නැමති ලාක්ෂණික ස්ථර වර්ධනය කර ගනී. ඒ අතරතුර ස්ථායී තත්ත්වයක් ඇතිවේ.

පාංශු භාවිතාකරුවන් (ශෂ්‍යක වේදයන්) පසේ ගතිකය පිළිබඳව ආරම්භයේදී සුළු සැලකිල්ලක් පමණක් දක්වන ලදී. ඔවුන් එය දුටුවේ රසායන විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක ලක්ෂණ ශෂ්‍ය විද්‍යාත්මක නිෂ්පාදනතාවයක් සඳහා සේවාවන්හිදී ප්‍රයෝජනවත් වන මාධ්‍යයක් ලෙසිනි. අනෙක් අතින් පාංශු විද්‍යාඥයින් මෙන්ම භූ විද්‍යාඥයින්ද පාංශු ලාක්ෂණිකයන්ගේ (භෞම ගති ලක්ෂණ) ශෂ්‍ය විද්‍යාත්මක යෙදවීම් පිළිබඳව ආරම්භයේදී අවධානය යොමු නොකළහ. ඒ වෙනුවට ස්වභාවය හා භූ දර්ශනයේ ඉතිහාසය සමග එහි සම්බන්ධතාවය පිළිබඳව අධ්‍යයනය යොමු කරන ලදී. අද වනවිට භූ දර්ශනයේ හා පාරිසරික විද්‍යාවන්ගේ විනයානූකූල එළඹුම් දෙකක අති පිහිත වීමක් දක්නට ලැබේ.

අද පාංශු විද්‍යාඥයින් පාංශු ජනන ක්‍රියාදාමයන් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව උනන්දුවක් දක්වයි. (පසේ පරිණාමණය හා ක්‍රියාකාරිත්වය) පාංශු භාවිතයේ වෙනස්වීම් පිළිබඳව ප්‍රතිඵලයන් පිළිබඳව අනාවැකි පළකිරීම එහි ඉතිහාසය තේරුම් ගැනීම වැනි දේ ඒ යටතට අයත්වේ. ඒ අතරතුර ශෂ්‍ය විද්‍යාඥයින් වසර දහස් ගණනක පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන සංකීර්ණ මාධ්‍යයක් ලෙස වගා කළ පස පිළිබඳව තේරුම් ගනී. ඔවුන් තව දුරටත් තේරුම් ගන්නේ පවතින තුලනතාවය අස්ථායී බවත් එහි ඉතිහාසය පිළිබඳ මනා දැනුමකින් පමණක් එහි තිරසාර පැවැත්ම තේරුම් ගත හැකි බවත්ය.




පස පිළිබඳ සංකල්ප

සරල බවට වඩා පොදු වශයෙන් පාංශු ජනනය සංකීර්ණ වේ. පස් දක්නට ලැබෙන්නේ පෘථිවි වායු ගෝලයේ, ජෛව ගෝලයේ, ජල ගෝලයේ හා ශිලා ගෝලයේ මුහුණත් මතය. එබැවින් පස් පිළිබඳ මනා අවබෝධයක් සඳහා කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව, පරිසර විද්‍යාව, ජීව විද්‍යාව, ජල විද්‍යාව, භූ රූප විද්‍යාව, භූ විද්‍යාව හා වෙනත් බොහෝ පෘථිවි විද්‍යාවන් හා ස්වාභාවික විද්‍යාවන් පිළිබඳ දැනුම අවශ්‍ය වේ.
සමකාලීන පාෂාණයන් අතීතයේ සක්‍රීය වූ පාංශු ජනන ක්‍රියාදාමයන් සඳහා ප්‍රකාශනයන් රැගෙන යයි. කෙසේ නමුත් බොහෝ අවස්ථාවලදී මෙම ප්‍රකාශනයන් නිරීක්ෂණය කිරීමට හෝ ප්‍රමාණනය කිරීමට අපහසු විය. එබැවින් ප්‍රාග් පාරිසරික විද්‍යාව, ප්‍රාග් භූ විද්‍යාව, ග්ලැසියර භූ විද්‍යාව හා ප්‍රාග් දේශගුණික විද්‍යාව පිළිබඳ දැනුම පාංශු ජනනය හඳුනාගැනීමට හා අවබෝධ කර ගැනීමටත් අනාගත පාංශු වෙනස්වීම් පිළිබඳ පදනමක් සංස්ථාපනය කොට අනාවැකි ඵල කිරීමටත් ඉතා වැදගත් වේ.
පාංශු සකස් වීම කෙරෙහි බලපාන ප්‍රධාන බාහිර සාධක 5 කි. (දේශගුණය, ජීවීන්, භූ විෂමතාව, මවු අමුද්‍රව්‍ය හා කාලය) එමෙන්ම කුඩා අඩුවෙන් හඳුනාගෙන ඇති සාධක කිහිපයක් පාංශු ජනන ක්‍රියාදාමයන් හා පාංශු රටා මෙහෙයවයි.
පසේ හා පාංශු භූ දර්ශනයන්ගේ ගති ලක්ෂණයන් උදා - සංඛ්‍යා, ප්‍රමාණ, හැඩයන් හා පාංශු දේහයන්ගේ සකස් වීම් යන සෑම එකක්ම පාංශු තිරසයන්ගේ පදනම මත ලාක්ෂණික වී ඇත. අභ්‍යන්තර සමජාතීත්වයේ ප්‍රමාණය ආනතිය දෘෂ්ටිය, භූ දර්ශන පිහිටීම, වයස හා වෙනත් ගතිගුණ හා සම්බන්ධතා නිරීක්ෂණය කළහැකි අතර ඒවා මිනිය හැක.
විශේෂ ජෛව දේශගුණික තන්ත්‍රයන් හෝ පාංශු ජනන ක්‍රියාදාමයන්ගේ සංයෝජනයන් විශේෂිත පස් ඇති කරයි. එබැවින් විශේෂිතව නිරීක්ෂණය කළ හැකි උදාහරණ ලෙස P තිරසයන් තුළ අන්තෝනි දානති මැටි රැඳවීම සකස් වන්නේ භූ ජනන ක්‍රියාදාමයන්ගේ එක්තරා සංයෝජනයන් මගිනි. ඒවා කාලානුරූපව ක්‍රියාකාරිත්වය වෙනස්වේ.
භූ ජනන (පස් සෑදීමේ) ක්‍රියාදාමයන් නිර්මාණය කිරීමේ හා විනාශ කිරීමේ පෙළට අනුව (අසම වර්තතාව) ක්‍රමයාවන් පස් තුළ සිදුකරයි. එම ක්‍රියාදාමයන් සමගාමීව සිදුවිය හැකිය. ප්‍රතිඵලයක් ලෙස ඇතිවන පාංශු පැතිකඩ එම ක්‍රියාවන්ගේ සමතුලිතතාවයක් ප්‍රතිබිම්භනය කරයි. ඒ වර්තමාන හා අතීත කාල යන දෙකම සඳහාය.
භූ විද්‍යාත්මක ඒක රූපතාවයේ සිද්ධාන්තය පස් සඳහා යෙදවිය හැකිය. අද සක්‍රීයව පවතින පාංශු ජනන ක්‍රියාදාමයන් දිර්ඝකාල පරාසයක් තිස්සේ සිදු වී ඇත. ඒවා පෘථිවි මතු පිට ජීවය ඇතිවීම දක්වා අතීතයට ඇදීයයි. කෙසේ නමුත් අවකාශය හා කාලය අනුව ප්‍රකාශිත ප්‍රමාණය හා තිව්‍රතාවය විචලනය වේ. ඕනෑම භූමි භාගයක වෙනස් පස් වර්ගවල අනුක්‍රමණයක් වර්ධනය වී ඛාදනය වී සහ හෝ ප්‍රතිගමනය වී තිබිය හැකිය. ඒ පාංශු ජනන සාධක සහ භූමි භාගයේ සාධක උදාහරණ තුරුලතා, අවසාධනය, භූරූප විද්‍යාව වෙනස්වීමත් සමගය.
භූ විද්‍යාත්මකව දැක්මට අනුව ඉතා කුඩා අතීත පස්වර්ග ප්‍රමාණයක් පවතී. ඒ ඒවා භූ විද්‍යාත්මකව සිදුවීම්වලදී විනාශ වී හෝ වැළලී ගොස් හෝ එසේ නොමැති නම් දේශගුණික මාරුවීම්වලදී ඒවායේ පෘථිවි මතුපිට අනතුරු දායක ලක්ෂණ විකිරණය වීම හෝ සිදුවිය හැකි නිසාය. තෘතියික අවධිය දක්වා හෝ ඉන් ඔබ්බට අතීතයට දිව යන පාංශු සංතතීන් පවතින්නේ ඉතා ස්වල්පයකි. Pleistocene යුගයට වඩා පැරණි පස් හා භූමි මතුපිටවල් ද ඉතා දුර්ලභය. කෙසේ නමුත් සංරක්ෂණය වූ හෝ ශිරා භූත වූ පස් වර්ග (ප්‍රාග් පස් වර්ග) භූ විද්‍යාත්මක කාලය පුරාවටම භෞමික පරිසරවල සාර්වත්‍ර ලක්ෂණයකි. ඒ ඒවා අතීත දේශගුණික වෙනස්වීම් පිළිබඳ සාක්ෂි සපයන අතර භූ විද්‍යාත්මක ඉතිහාසය පුරාවට දේශ ගුණික පරිණාමය තේරුම් ගැනීමේදී විශාල උපකාරකයක් වන බැවිනි.
වර්ගීකරණයේදී හා සිතියම් ගත කිරීමේ දී පාංශු ජනනය පිළිබඳව දැනුම හා අවබෝධය වැදගත් වේ.
පාංශු වර්ගීකරණ පද්ධති ජනනයේ සංජානනයන් මතම මුළුමනින්ම පදනම් විය නොහැකිය. කෙසේ නමුත් ජනන ක්‍රියාදාමයන් කලාතුරකින් නිරීක්ෂණය කළ හැකි අතර ඒවා කාලානුරූපව වෙනස්වීමක් නිසා ඉහත තත්ත්ව ඇති වී ඇත.
පාංශු ජනනය පිළිබඳ දැනුම ප්‍රගම්‍ය වන අතර පාංශු භාවිතයට හා කළමනාකරණයට පදනම සපයයි. මානව බලපෑම හා පාංශු සම්පාදනයන්ගේ ක්‍රියාදාමයන්ගේ සහ සාධකයන්ගේ සීරුමාරු කිරීම් පාංශු ජනනය පිළිබඳව දැනුම යොදා ගෙන හොඳින්ම පාලනය කිරීම හා සැලසුම් කිරීම සිදු කළ හැකිය.
පස් යනු ස්වාභාවික මැටි කර්මාන්ත ශාලාය. (මැටි වලට අන්තර්ගත වන්නේ මැටි ඛනිජ ව්‍යුවහයන් හා විෂ්කම්භයෙන් 2 µm අංශූන්ය.) ලෝකය පුරා ඇති ශල්කයන් සැලකිය යුතු මට්ටමකට පාංශු ගෝලය තුළදී සකස්වුණු සරලවම පාංශු මැටි වර්ග වන අතර ඒවා සම්‍රද්‍ර ද්‍රෝණිවල තැන්පත් වී ඛාදනය වී පසු කාලීනව ශිලාභූත වී ඇත.
යාවත්කාලීනය 2016-09-01

කතුහිමිය @ 2016 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.