Add CSS based dropdown menu to blogger

NEWS

2 October 2012

වාස්‌තු විද්‍යානුකූලව නිවසට දැව සොයන්න

නිවසට අවශ්‍ය දැව ලබා ගැනීම ඒ සඳහා ගස්‌ කැපීම උපයෝගි කර ගත යුතු දැව වර්ග පාවිච්චි කරන පිළිවෙල ආදි කරුණු රාශියක්‌ වාස්‌තු විද්‍යාවේ දක්‌නට ලැබේ.

වර්තමානයේ සැලැස්‌මක්‌ නැති, ඉමක්‌ කොණක්‌ නැති වන විනාශය නිසා ඉතා හිගව ඇති දැව වර්ග වාස්‌තු විද්‍යානුකූලව සෙයා ගැනීමට අපහසු තත්ත්වයක්‌ දක්‌නට ලැබේ. එසේ වුවද නිවැරැදි ක්‍රමය දැන හැකිතාක්‌ දුරට මෙම ඉපැරිණි. වාස්‌තු විද්‍යා මය ක්‍රම උපයෝගී කර ගැනීම යහපත් ජීවිතයට උදව් උපකාර වනු ඇත.


නිවාස සඳහා ගස්‌ කැපීම

නිවාස සඳහා ගස්‌ කැපීමේදී නොකැපිය යුතු ගස්‌ වර්ගද දක්‌වා ඇත. එම ගස්‌ නිවාස සඳහා යෝග්‍ය ගස්‌ වර්ග වුවද එම ගස වැවුන ස්‌ථානය, පරිසරය ආදිය සැලකිල්ලට ගෙන නිවසට යොදා ගැනීම අයෝග්‍ය බව දක්‌වා ඇත. එසේ කැපීමට නුදුසුදු ගස්‌ මෙසේය.

පක්‌ෂීන් වාසය කරන ගස්‌

වියලිගිය (මැරුණ) ගස්‌

පන්සල් දේවාල වල පිහිටි ගස්‌



ගින්නෙන් දැවී ඇති ගස්‌

අකුණු වැදුණු ගස්‌

කිරි වැගිරෙන ගස්‌

වාස්‌තු විද්‍යාවේදී එක්‌ තැනක නිවාස දැව සඳහා නොකැපිය යුතු ගස්‌ මෙසේ සඳහන් කළද, මහා භාරතයේ විශම කර්ම පඬිවරයාගේ කෘතියක්‌ වූ විශම කර්ම ප්‍රකාශනය හෙවත් ගෙබිම් ශ්‍රාස්‌ත්‍රය නම් වු ග්‍රන්ථය( යට දැක්‌ වු කරුණු මෙන්ම වෙනත් කරුණු ද අනාවරණය කරයි.

මේ අනුව නිවාස සඳහා දැව ලබා ගැනීමට නුසුදුසු ගස්‌ මෙසේය.

කිරි ඇති ගස්‌

කටු බහුල ගස්‌

ගිජු ලිහිණියන් වසන ගස්‌

ගින්නෙන් දැවුන ගස්‌

හෙන වැදුන ගස්‌

මාර්ග වල ඇති ගස්‌

චෛත්‍ය ලෙස වදින පුදන ගස්‌

අඩක්‌ බිඳුනු ගස්‌

අඩක්‌ වියලි ගිය ගස්‌

කුඳවූ ගස්‌

මුදුනේ අතු තුනක්‌ විහිදි ඇති ගස්‌

වෙන ගසක්‌ නිසා බෙදුන ගසක්‌

ස්‌ත්‍රි නම් ඇති ගස්‌

සර්පයන් ඇති ගස්‌

ගෙඩි ඇති ගස්‌

කවුඩන් වසන ගස්‌

සොහොන් බිමේ ගස්‌

විෂ සහිත දූෂිත බිම්වල ගස්‌

සුළගින් හානියට පත් ගස්‌

වැල් වලින් වෙළුණු ගස්‌

දෙවියන් අරක්‌ ගත් ගස්‌

අඩක්‌ පිළිස්‌සුන ගස්‌

නැමුනා වූ ගස්‌

දිරන ලද ගස්‌

මුදුනේ අතු කීපයක්‌ උඩට විහිදුනා වූ ගස්‌

උයනක තිබූ ගස්‌

මල් ඇති ගස්‌ (මල් ගස්‌)

සිදුරු වූ ගස්‌ (බෙන සහිත)

මෙම ගස්‌වල දැව වලින් සෑදු නිවස නිසා සිදුවන විපාක මෙසේ දැක්‌විය හැකිය.

කිරි සහිත ගස්‌වල දැව නිසා කිරි නැතිවෙයි. ගෙඩි සහිත ගස්‌වල දැව යෙදු නිවස නිසා පුත්‍ර හානිය සිදුවේ. කටු ඇති ගස්‌වල දැව නිසා දබර ඇතිවේ.

කවුඩන් විසු ගස්‌වලින් ලබා ගත් දැව නිසා ධනය විනාශ වේ.

ගිජු ලිහිණියන් වසන ගස්‌ වල දැව නිසා මහා රෝග සෑදේ.

සොහොන් වල ගස්‌වලින් ලබා ගත් දැව යෙදූ නිවාස වල පදිංචි වීම මරණය සිදු වීමට තරම් අපලය. හෙනයට අසුවූ ගස්‌වලින් ලබාගත් දැව නිසා හෙන වලින් බිය වේ. සුළඟින් හානියට පත් වූ ගස්‌වලින් ලබා ගත් දැව නිසා සුළගින් බිය ගෙන දෙයි.

මාර්ගයේ වූ ගසින් ලබාගත් දැව නිසා කුලයේ විනාශය සිදු වේ.

චෛත්‍ය ලෙස භාවිතා කරන ලද ගසකින් ලබාගත් දැවයක්‌ නිසා ගෙහිමියා මරණයට පත් වේ. දෙවියන් අරක්‌ගත් ගස්‌වලින් ලැබූ දැව නිසා නිතර බිය ඇතිවේ.

අඩක්‌ බිදුනා වු ගස්‌වල දැවයෙන් විනාශයද අඩක්‌ වියලි ගිය ගස්‌වල දැවයෙන් ධනය විනාශවීමද නැමුණා වූ ගසින් ලැබූ දැවයෙන් මරණයද, කුද වූ ගසින් ලබාගත් දැවය නිසා ගෙයිමියා කුද විමද දිරූ ගසින් ලබා ගත් දැව නිසා නිවස විනාශවීමද සිදුවේ.

මුදුන් අතු තුනක්‌ ඇති ගස්‌වලින් ලබාගත් දැව නිසා දරුවන් ගබ්සා වීමද මුදුන් කීපයක්‌ දක්‌නට ලැබෙන ගස්‌වලින් ලැබූ දැව නිසා මල දරුවන් ලැබීමද සිදුවේ. වෙනත් ගසක්‌ හා එක්‌ එක්‌ වු ගසින් ලැබූ දැව නිසා සතුරු බිය ඇතිවේ.

උයනක වූ ගස්‌ වලින් දැව ලබාගත් කළ අහසින් බිය ඇතිවේ. වැල්වලින් එතුන ගස්‌ වල දැවයෙන් දිළිඳු කම ලැබේ. මල් ඇති ගස්‌වල (මල් ගස්‌ ලෙස භාවිතා කරන ගස්‌ යෑයි සිතිය හැකිය) දැවයෙන් කුලය නැසීමට සිදුවේ.

සර්පයන් වාසය කරන ගස්‌ වලින් ලබාගත් දැව නිසා සර්ප බිය ඇතිවේ. ස්‌ත්‍රින්ගේ නම් ඇති ගස්‌ වලින් ලබා ගත් දැව නිසා ගැහැණු දරුවන් ලැබේ. බෙන සහිත ගස්‌වලින් ලබාගත් දැව නිසා ස්‌වාමින්ගෙන් නිවැසියන්ට කරදර සිදුවේ.

දැව හිඟයක්‌ පවතින මෙම කාලයේ කිරි සහිත ගස්‌ද නිවස සහිත කපන බව පෙනේ. එමෙන්ම පැරණි කාලයේ කුරුල්ලන් වසන ගස්‌ කැපීමට අයෝග්‍ය යෑයි දක්‌වා ඇත්තේ එම ගස කැපීමෙන් සතුන්ට හින්සාවක්‌ ඇති වීම මෙන්ම ස්‌වභාවික සෞන්දර්යය කෙරෙහි බලපෑම් නිසා විය හැකිය.

සාර ධර්මයන්, සෞන්දර්යය වැනි දායාදයන් ගැන නොසිතන මෙකල මෙලෙස කුරුල්ලන් වසන ගස්‌ ගැන සැලකිල්ලක්‌ නොදක්‌වන බව පෙනේ.

ඉහත අයෝග්‍ය යෑයි පෙන්වා ඇති ගස්‌ කැපීම නොකළ යුතු අතර කොහොඹ, මිදී, බුළු වැනි ගස්‌ ද නොකැපිය යුතු යෑයි පැවසේ. තවද කුඹුක්‌ ගස්‌ නිවාස සඳහා දැව වර්ගයක්‌ ලෙස භාවිතා නොකල යුතු යෑයි මතයක්‌ පවතින අතර එය විහාර දේවාල වලට සුදුසු යෑයි මතයක්‌ පවතී.

නිවාස සඳහා සුදුසු දැව වර්ග නිවාස සඳහා දැව ලබා ගැනීමේදී කුඹුක්‌ ගස සුදුසු බවට ඉපැරණි වස්‌තු විද්‍යාත්මක සාධක දක්‌නට ලැබේ. එමෙන්ම සුදුසු ගස්‌ වශයෙන් ඇත්දෙඹට මාර, තල්, හොර, පතිගි, සල්ගස්‌, ඇට්‌ටේරියා සඳුන් මූනමල්, මී, කොළොං යෝග්‍ය ලෙස සැලකේ.

නූතන යුගයේ මෙම ගස්‌ වර්ග සොයා ගැනීමේ අපහසුතාවය නිසා වෙනත් බොහෝ ගස්‌ වර්ග උපයෝගී කරනු ලබන බව පෙනේ.

නිවසකට යෙදිය යුතු දැව වර්ග ගණන නිවසකට දැව යෙදිමේදී දැව එකක්‌ හෝ දෙකක්‌ භාවිතා කිරීම යෝග්‍යයි. ඊට වඩා දැව වර්ග යෙදීම අසුභදායකය.

දැව වර්ග එකක්‌ පමණක්‌ භාවිතා කිරීම ඉතා හොඳය. එලෙස එක්‌ වර්ගයක්‌ පමණක්‌ භාවිතා කළේ නම් එම ගෘහය සියලු දෝෂ වලින් නැතිවීමට තරම් වැදගත්ය. දැව වර්ග දෙකක්‌ හෝ තුනක්‌ භාවිතය එලෙස සුභ නොවේ. දැව වර්ග දෙකක්‌ භාවිතා කිරීමෙන් සමඵලදායක ලෙසද ගැනේ. දැව වර්ග තුනක්‌ භාවිතා කිරීම නිෂ්ඵලය. අධම කාර්යයක්‌ ලෙස පෙන්වා ඇත.

නිවාසවලට අලුත් හා පරණ දැව භාවිතය. අළුතින් සාදන ගෙයකට අලුත් දැව භාවිතා කළ යුතුය. පරණ දැව එනම් වෙනත් ගෙයකට භාවිත කරන ලද දැව තාවකාලික ගෙයකට යෙදීම යෝග්‍යය. පරණ ගෙයකට වුවද අලුත් දැව යෙදීම යෝග්‍යයයි.

වෙනත් ගෙයකට පාවිච්චි කරන ලද පරණ දැව අලුත් ගෙයකට භාවිතා කරනු ලැබුවේ නම් ගෙයි ප්‍රධානියා මිය යන තරම් අපල දායක වේ. මේ බව ඉපැරණි වාස්‌තු විද්‍යා ග්‍රන්ථයක සඳහන් වන්නේ මෙසේය.

නූතනේ නුතනං කාෂ්ටං ජිණේ ප්‍රශස්‍යතෙ

ජීණේච නූතනං කාෂ්ටං නොජීණිං නුතනේ ගෘහෙ

.......................................................................

අන්‍යවෙශ්මස්‌ථිතං දාරා නෛවාන්‍යස්‌මින් ප්‍රයෝජයෙන් තනනු නිවසෙන් කර්තෘ වස නකපි නජීවනී

නිවාස සඳහා ගස්‌ කැපිය යුතු කාලය. මෙම කාලයද සූර්යා ගමන් කරන කාලය අනුව යොදා ඇත. නියමිත කාලය තුළ ගස්‌ කැපීම නිසා ගසේ දැව වල පැවැත්මට යහපත් වන අතර විවිධ දෝෂ දුරුවනු ඇත.

රවි මිථුන, කන්‍ය, ධනු, සහ මීන යන රාශි වල ගමන් කරන කාලවලදී මෙන්ම විශේෂයෙන්ම නවම් බිනර යන මාස වල දී ද දැව ලබා ගැනීම සඳහා ගස්‌ කැපීම අයෝග්‍යයි.

එලෙස රවි සිංහ මකර යන රාශිවල ගමන් කරන කාලවලදීද ගස්‌ කැපීම නුසුදුසුය. එම කාලවල කැපූ ගස්‌වල දැව යෙදූ නිවස ගින්නෙන් විනාශ වේ.

නිවාස සඳහා ගස්‌ කැපීමේ සුභ නැකැත් ප්‍රහාවය, මුව සිරස, අනුර, ගහ මුල, උතුරු පල්, උතුරුයල උතුරු ප්‍රමුප සුවන සා යන නැකත් පවත්නා කල ගස්‌ කැපීම සුභ වේ.

තවද කළුවර පක්‍ෂයේ යෙදෙන රෙහෙන රේවතී නැකැත් යෙදුන විට තුදුස්‌වන, නිථියේ සිට බ්‍රහස්‌පති ලග්නයේ නම් එම කාලයේ ගස්‌ කැපීම ඉතා සුභය.

නිවාස සඳහා නුසුදුසු දැව, නිවාස සඳහා ගැලපෙන නියමිත ගස්‌ වලින් ලබා ගත් දැව වර්ග වුවද ඒ ඒ දැව වර්ගයේ පවතින ස්‌වරූපය අනුව නුසුදුසු වන බවද වාස්‌තු විද්‍යාවේ සඳහන්ව ඇත.

එවැනි නුසුදුසු දැවයන්ගේ ලක්‍ෂණ පහත සඳහන් වේ.

බිදුනාවු ගසට තවත් ගසක්‌ බද්ධ වී තිබුණු විට එම ගසින් ලබාගත් දැව.

කපන විට බිදුනාවූ දැව

මැද කබලක්‌ (සිදුරක්‌) ඇති දැවය

ඵල රහිත ගසකින් ගන්නා ලද දැව.

විරූප වූ දැව.

තුවාල වූ දැව.

අසම්පූර්ණ වූ දැව.

කපන විට ආයුධය කැඩුනු දැව.

අතරමග රුදුනා වූ ගසකින් ගත් දැව.

දැදුරු වූ දැව.

බිදුනා වු ගසට තවත් ගසක්‌ බද්ධව සෑදුනා වූ ගසින් ලබා ගත් දැව යෙදු නිවසින් බොහෝ දෝෂ සිදුවේ.

කපන විට බිදුනා වූ දැවය යෙදූ නිවසින් සක්‍රි විනාශය සිදුවේ. මැද සිදුරක්‌ හෝ කබලක්‌ ඇති දැව නිසා රෝග ඇති වේ.

ඵල රහිත ගසින් ලබාගත් දැව නිසා සෑදූ නිවස ඵල රහිත වේ. පිරූප වූ දැවය නිසා ධනය විනාශ වේ. තුවාල වූ දැව යෙදීම නිසා රෝග ඇති විමද අවයව හීන මෙන්ම අසම්පූර්ණ දැව නිසා කිරි නැති වීමද සිදුවේ.

කපන විට ආයුධ කැඩුනු ගසින් ලබා ගත් දැව නිසා නිවසේ ප්‍රධානියා මිය යයි. අතර මග රැදුනා වූ ගසින් ලබා ගත් දැව නිසා නිවස ගොඩ නගන කම්කරුවන්ගේ මෙන්ම නිවසේ ධනය විනාශ වේ. තවද දැදුරු වූ දැවය නිසා ධනය විනාශ වීමද සිදුවේ.

දැව ආරක්‍ෂා කර ගැනීම.

වාස්‌තු විද්‍යානුකූලව නිවසක සියලු කාර්යයන් සපුරාලීමේදී දැව ආරක්‍ෂා කර ගැනීමේ ක්‍රමද එකල භාවිතා විය.

නියමිත කාලයේ ගස කැපීමේ ක්‍රමය නම් කළුවර පක්‍ෂයේ (සඳ එලිය නැති කාලයේ) ගස කැපීමයි. මේ නිසා දැව ගුල්ලන්, වේයන් කෑම සිදු නොවේ. අප රට ඉපැරණි ගැමියන් තම නිවාස සෑදිමේදී දැව ලබා ගැනීම පිණිස ගස්‌ කැපීම කරනු ලැබුවේ කළුවර කාලයේ බව බොහෝ ප්‍රදේශවල ගැමියෝ පවසති. ඒ අනුව ඉපැරණි වාස්‌තු විද්‍යාමය නියමයක්‌ බොහෝ දුරට අප මුතුන් මිත්තෝ දැන සිටිය බවද සිතිය හැකිය.

තවද දැව දින පහළවක්‌ දියෙහි බහන තැබීමෙන් ආරක්‍ෂා වන බවද වාස්‌තු විද්‍යාවේ සඳහන්ව ඇත. මේ ක්‍රමයද ඇතැම් ප්‍රදේශවල ගැමියන් වර්තමානයේ දීද භාවිතා කරත්.

දින පහළවක්‌ දියෙහි බහන ලද දැව පණුවන් කෑම නොකරන බවද නුවණ ඇති අය දැව කැපීම කළුවර පක්‍ෂයේ කරන බවද චන්ද්‍රdලෝකය වැඩෙන කාලයේ නොකරන බවද දැක්‌වෙන පහත සඳහන් ශ්ලෝකයක්‌ මෙසේය.

කාෂ්ඨනේනාභාජසතෙ කීටෛයීදි පක්‍ෂ ධෘතං ජලෙ

කෘෂ්ණපක්‍ෂෙ ජෙදනඤවන ශුකේල කාරයෙද්බුධඃ
යාවත්කාලීනය 2016-09-01

කතුහිමිය @ 2016 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.