Add CSS based dropdown menu to blogger

NEWS

20 March 2013

1.සිමෙන්ති (පලමු කොටස)



සිමෙනති 5kg
 සිමෙන්ති වර්ග
1.ස්වාභාවික
2.කෘතිම

1.ස්වාභාවික

ස්වාභාවික සිමෙන්ති
මෙම වර්ගය ශ්‍රි ලංකවේ නැත.බ්‍රිතානය දුපත් හි "මෙසිනා" සහ "රොමන්" යන පර්වත වල අඩංගු වේ.මේවායේ හුණු 40% ක් ද,මැටි 50% ක් දඔක්සයිඩ 10% ක් ද අඩංගු වේ. මෙම වර්ගයේ සිමෙන්ති නිපදවනු ලබන්නේ කැට වශයෙන් කඩා ගන්නා ලද සිමෙන්ති එක් එක් උෂ්ණත්ව වලට ලක්  කිරීමෙන්ය.මේම අධික උෂ්ණත්ව වලට භාජනය කිරිම නිසා අවසානයේ ඉතිරි වන්නේ සියුම් කුඩු විශේෂයකි.මේවා සුභාවික සිමෙන්ති වශයෙන් හදුන්වයි.


2.කෘතිම

   කෘතිම සිමෙන්ති කොටස් 3 කට බෙදයි.
    
        1.පෝට්ලන්ඩ්

            *  සාමාන‍්‍ය සිමෙන්ති
            * වර්ණ සිමෙන්ති
            * දිය වර්ණ සිමෙන්ති
            * සිඝ්‍ර සිමෙන්ති
            * තාපාදික සිමෙන්ති
තවද මෙය ඒ අකාරයටම  පෝට්ලන්ඩ් සිමෙන්ති ප්‍රධාන වශයෙන් වර්ග 6 කි.
    *  සාමාන‍්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති 
    *  හුණු දැඩියම් සිමෙන්ති
    *  හුණු වර්ණ සිමෙන්ති
   *  සල්පේට වලට ඔරොත්තු දෙන සිමෙන්ති
   *  දියර වර්ණ සිමෙන්ති
   *  ධාරා උෂ්මක සිමෙන්ති 

    
       2.සල්පේට වලට ඔරොත්තු දෙන සිමෙන්ති
   
       3.ඈලුමිනා අධික සිමෙන්ති

2.කෘතිම සිමෙන්ති

1.පෝට්ලන්ඩ් සිමෙන්ති
                         මෙම සිමෙන්ති නිශ්පාදනය කරනු ලබන්නේ කැල්සියම් කාබනේට් (CaCo3)   බොහෝ වශයෙන් ඈත්තේ එංගලන්තයේ නම් දුපතේ බැවින් මෙම සිමෙන්ති වලට පෝට්ලන්ඩ් යන නම භාවිතා කරයි.

පෝට්ලන්ඩ් සිමෙන්ති නිෂ්පාදනය.
මෙම සිමෙන්ති නිෂ්පාදනය පියවරවල් 5 ක් දැක්විය හැක.
1.දැවීම හා පිළියෙළ කීරීම.
2.මිශ්‍ර කිරිම හා ඈඔරිම
3.දැවීම
4.නිමැදීම
5.ඈහිරිම

සිමෙන්ති සංයුතිය
හුණු    63%
සිලිකා  22%
ඈලුමිනා  6%
යකඩ ඔක්සයිඩ   3%
මැග්නීසියම් ඔක්සයිඩ   2.5%
සල්පර් ට්‍රයොක්සයිඩ්    1.75%
Insluble Residus    0.25%
වෙනත්  ද්‍රව්‍ය    1.5%


සිමෙන්ති වල ගුණ
1.සියුම් බව
2.රසායනික සංයෝජනය
 මෙහිදි ප්‍රධාන සංයෝග දෙක අතර අනුපාතය 1:2 - 1:3 අතර විය යුතුය.
පිලිස්සිමෙදී විනාශ වීම් 2% සිට 3% දක්වා විය යුතුය.
හයිඩ්රොක්ලෝරික්(HCl) අම්ලය වෑනි අම්ලය දැමුවහොත් දියවන      ප්‍රමාණය 1% ට වඩා වැඩි නොවිය යුතුය.
මැග්නීසියම් ඔක්සයිඩ(MgO) ප්‍රමාණය 4% ට වඩා වැඩි නොවිය යුතුය.
සල්පර් ඩයෝක්සයි 2.75% ට වඩා වැඩි නොවිය යුතුය.
3.වර්ණ
ස්වභාවික වර්ණය දුඹුරු පැහයක් ගන්නා අතර සාමන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති මධ්‍ය කොළපාටට හුරු අළු පාටක් තිබිය යුතුය.
4.විශිෂ්ඨ ගුරුත්වය.
3.10 සිට 3.15 දක්වා විය යුතුය. ඝණ අඩි 1ක බර රාත්තල් 75.9 ක් විය යුතුය.
5.සම්පීඩන බලයට ඔරොත්තු  දීම.
වර්ග අගලකට රාත්තල් 5000 ක බලයක්  යොදමින් දින 8කදි හා දින 7කදි පරික්ෂණ දෙක කිරිමෙදි වර්ග අගලකට රාත්තල් 2500 හා වර්ග අගලකට රාත්තල්3500ක් විය යුතුය.


අමතර දැනුම::::: 1 රාත්තල් = 0.453592 kg
                                   1අගල්       = 0.0254 m(25.4mm)
විශිෂ්ඨ ගුරුත්වය ::::විශිෂ්ට ගුරුත්වය හෝ සාපේක්ෂ ඝනත්වය යනු ඝනත්වය, ඒකක රහිත රාශියක් ලෙස දැක්වීමට යොදා ගන්නා රාශීන් ය. මෙහිදී ජලය හෝ වාතය/වායුවක් වැනි සම්මත ද්‍රව්‍යයක ඝනත්වයෙහි ගුණාකාරයක් ලෙස විශිෂ්ට ගුරුත්වය ප්‍රකාශ කරනු ලැබේ. (උදාහරණයක් ලෙස, විශිෂ්ට ගුරුත්වය 1 ට වඩා අඩු ය යන්නෙන් අදහස් වන්නේ එම ද්‍රව්‍යය ජලයේ පාවෙන බව යි.)


 ආකිමිඩීස් නියමය::::තරලයක් තුළ පූර්ණ ව හෝ අර්ධ වශයෙන් ගිලී ඇති වස්තුවක් මත ක්‍රියා කරන උත්ප්ලාවකතා බලය, වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවේ බරට සමාන වේ.





No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.