Add CSS based dropdown menu to blogger

NEWS

25 March 2013

කාන්තාවකගේ චරිතය අංග ලක්‍ෂණ වලින් දැනගන්න


කාන්තාවක්‌ සතු ඒ ඒ අංග ලක්‍ෂණ වලින් ඇයගේ චරිතය ගැන කිව හැකිය.

කේශ කාලගුණය, දන්ත කල්‍යාණය, චවි කල්‍යාණය ආදී වශයෙන් පංච කල්‍යාණයක්‌ රුසිරු ලියන් සතුව ඇත. උදේ පාන්දරම පංච කල්‍යාණියක්‌ දැකගන්න ලැබුණොත් ඕනෑම කෙනෙකු පිනා යන්නේ ඉබේමය.

පංච කල්‍යාණ මෙන්ම මුහුණ, දැස, නිකට, බෙල්ල, උරහිස, ඇඟිලි, යටිබඩ, පතුල, විලුඹ ආදී ස්‌ථානවල ලක්‍ෂණද රෝම කූපවල ස්‌වභාවය හා සුලි පිහිටා ඇති ආකාරයද කාන්තාවකගේ අංග ලක්‍ෂණවලට ඇතුළත්ය.

ඒ ඒ අංග ලක්‍ෂණ වලින් පෙන්නුම් කෙරෙන කාන්තා චරිත ලක්‍ෂණ ගැනය.

අඩවන්වූ දෙනෙත් - තමන්ගේ සැමියාට ආදර ලෙන්ගතුකම දක්‌වන්නියකි.

පළල් ශක්‌තිමත් උරහිස්‌ හා මධ්‍යම ප්‍රමාණයේ ශරීරය - ශීලාචාර, ශිෂ්ටාචාර කෙනෙකි. ඇයගේ ගමන බිමනද සෙමිනි.

පැහැපත් නීල නුවන් - සැමියාට මහඟු සම්පතකි.

මහත්ව උස්‌ව පිහිටි යටිබඩ -
ඉතාම යහපත් කෙනෙකි.

සිත් ගන්නා මධ්‍යම ප්‍රමාණයේ මුහුණක්‌, මඳක්‌ පැතලි නිකටක්‌ද කුඩා උදරයක්‌ හා කුඩා පා ඇඟිලි - සාධාරණත්වය අගය කරන්නියකි.

සමව පිහිටි උකුල - සැප සම්පත් ලබන්නයකි.

තද කළු පැහැයක්‌ නොගන්නා, සිහින් හිසකෙස්‌, දිගටි මහත ශක්‌තිමත් දැත්, සිත් ගන්නා තොල්පෙති - වීරත්වයක්‌ පෙන්නුම් කරන්නියකි. සමහර විට, ඇය වේගයෙන් කතා කරන්නටද පුළුවන.

සිත් ඇද බැඳ ගන්නා දැස්‌ - සන්තෝෂයෙන්, ප්‍රීතියෙන් කල්ගත කරන කෙනෙකි.

මුඛයේ වම්පස, සිත් ගන්නා නල දතක්‌ - වාසනාවන්තියකි.

යටි ඇන්දේ, වැඩියෙන් දත් - ඇයද වාසනාවන්තියකි.

සමාකාරව පිහිටි විලුඹ - ශ්‍රියාවන්තියකි.

සමව පිහිටි උරහිස්‌ - වාසනාවන්තියකි.

පැතලි, නැමී ගිය උකුල - දරුපල ලබන්නියකි.

අඩුවෙන් පිහිටි රෝමකූප - ගති පැවතුම් යහපත්, උසස්‌ නිලතලවලට පත්විය හැකි කෙනෙකි.

මහත බෙල්ල - සැමියාට වාසනාව ගෙන දෙන්නියකි.

ඇඟිලි දිගුවීම - කලාවට ලැදි කාන්තාවකි.

ගෙලෙහි රේඛා තුන - නම්බුනාම ලබන වාසනාවන්තියකි.

තුන්හුලස්‌ ආකාරයට පිහිටි ඇඟිලි - ගිහි සම්පත් විඳින, සංවේදී සිතක්‌ සහිත කෙනෙකි.

විශාල උරහිස්‌ - කම් සැපට ඇල්මක්‌ දක්‌වන්නියකි.

කොටට පිහිටි ඇඟිලි - සංවාසයට කැමැත්තක්‌ දක්‌වන්නියකි.

වටකුරුව පිහිටි ඇඟිලි - ව්‍යාපාරික කටයුතුවලට හපනියකි.

මහත, පළල්, පිරුණු මුහුණක්‌ පටු නළලක්‌ හා තියුණු කතා විලාශය - නොසැලකිලිවන්ත කෙනෙකි.

කොට උරහිස - සැප සම්පතක්‌ නොලබන කෙනෙකි.

පිරීගිය ගිය පළල් මුහුණක්‌, වළ ගැසුණු නිකටක්‌, පහතට නැමී ගිය ඇස්‌ පිහාටු, එල්ලා වැටෙන ස්‌වභාවයේ දෙතොල් - ඇය බොරු කියන ස්‌වභාවයේ කෙනෙකි.

පළල්ව දිගට වැඩුණු යටි පතුල් - මෝඩ ගතියක්‌ ඇත්තියකි.

අඳුරු පැහැති කුඩා දෙනෙත්, සිහින් ඇස්‌බැමි හා එකිනෙකට තදව පිහිටි ඇඟිලි - තෘෂ්ණාධික කාන්තාවකි.

කොටට පිහිටි බෙල්ල - දුප්පත් කෙනෙකු විය හැකිය.

පළල් පරතරයකින් පිහිටි පියයුරු සඟල - ශුභඵල හීනය.

නළල් තලයේ පිහිටි සුලිය - දූ දරුවන් නොමැති කෙනෙකි.

මාපටැඟිල්ලට උඩින් පාදවල පිහිටි දබරැඟිල්ල - සැමියාට වාසනාවක්‌ නොමැති තරම්ය.

පැතලිව පිහිටි බෙල්ල - සැමියාට මාරකය.

බෙල්ලේ සුලිය පිහිටීමද සැමියාට මාරක පෙන්වන්නකි.

පාදයේ සුළඟිල්ල බිම ගෑවෙන්නේ නැත්නම්, එයින්ද සැමියාට මාරකය.

යටිපතුල මැදලස්‌සෙන් හරියාකාරව බිම නොගෑවේ නම් - වාසනාවන්ත ගතියක්‌ නොමැති තරම්ය.

පිට පැත්තේ සුලිය - ජීවිතය දුක්‌බරය.

උදරයේ සුලියි - දුක්‌ කම්කටලු සහිතය.

පාදයේ දබරැඟිල්ල මාපටැඟිල්ලට වඩා දිගට පිහිටීම - කාමුක කාන්තාවක්‌ විය හැකිය.

"සිසිවන උවන ඉඟසුඟ ගත හැකි මිටින

නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන

දිසිරන ලියෙව් රූ සිරියුත් මෙපුර ඟන

ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන
"

යනුවෙන් අපේ පැරණි කවියක්‌ ඇත.

මේ කවියේ මුල් පද දෙකින් කියෑවෙන්නේ, රූප සම්පත්තියෙන් යුතු කාන්තාවකගේ අංග ලක්‍ෂණ කීපයක්‌ ගැනය. චන්ද්‍රයාට සමාන මුහුණක්‌ද, සිහින් ඉඟටියක්‌ද, පළල් වූ උකුලක්‌ද, වටරවුම්, හංසයකු වැනි පියයුරුද සහිත කාන්තාවක්‌ දෙවඟනකට සමාන කොට එහි විස්‌තර කර ඇත.

එවැනි කාන්තාවන් දකින්න කොයි කවුරුත් වාගේ කැමතිය.

කෙනකුගේ සිරුරේ ඒ ඒ අංග ලක්‍ෂණ පිහිටන්නේ කරන ලද පින් පව්වලට අනුකූලවය

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.