Add CSS based dropdown menu to blogger

NEWS

22 September 2012

පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය


පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය ශ්‍රී ලංකාවේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රම තුළ ඉතා අනර්ඝ, විවිධාකාර , නිර්මාණාත්මක ගුණාංග වලින් යුත් ආකෘතියන් හා ශෛලීන් දැකිය හැක. නූතන ශ්‍රී ලංකේය සංස්කෘතියට අතිශය වැදගත් වන්නා වූ සංස්කෘතික උරුමයන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් ප්‍රබල ලක්ෂණ දැනට නටබුන් වී ඇති තත්තවයෙන් වුවද එම පුරාණ ගොඩනැගිලි වලින් ප්‍රදර්ශනය වෙයි. ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ අනෙකුත් සෑම අංගයන්ට මෙන්ම ගෘහනිර්මාණ ශිල්පයට ද බුදුදහම අතිශයින් බලපා ඇත.

ආගමික කටයුතු කෙරෙන ප්‍රධාන ගොඩනැගිලි පහකින් යුත් පංචාවාස ආරාම නිම කිරීමට 25 කට අධික ශෛලීන් භාවිතා කර ඇත. මෙම සංවිධානය සංඝසභාව, පිළිම ගෙය, බෝධිඝරය (Sacred fig enclosure) ‍ෙෙචත්‍ය සහ සංඝාරාමය නැතහෝත් සභාව වැනි ගොඩනැගිලි ඇතුලත් විය. වටදාගෙය සහ බෝධිඝරය සදහා ආකෘතින් කිහිපයක් විය. මෙම පුරාණ ගොඩනැගිලි තැනීමේදී කලම්ප වද්දා යකඩ ඇණ භාවිතා කර විශාල දැව කොටස් එකට සම්බන්ධ කර සෑදු දැව රාමු යොදා ඇති බවද බිත්ති කපලාරු කර වහල උළු සෙවිලි කරීමෙන් නිම කර ඇති බවද පුරා විද්‍යාඥය හා ගෘහ නිර්මාණ ශිල්පීන් අනාවරණය කර ඇත. විවිධාකාර හැඩතල වලින් යුත් වහලද නොයෙකුත් හැඩයේ උලුවහුද ඒවායේ තිබිණ.
Buddhist architecture in Sri Lanka. ශ්‍රී ලංකාවේ බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය Cave temples - ලෙන් විහාර වාසය කිරීම සදහා අවම මට්ටමේ පහසුකම් පමණක් ඇති ලෙන් විහාර මුලු දිවයින පුරාම තිබේ. මෙම ගල් ලෙන් වලට ඉහළින් කුඩාරම් කොටා ඇත්තේ වැසි ජලය ලෙන තුලට ගලාඒම වැළකෙනු පිණිසයි. මෙම කුඩාරම් කෙටීමේ කලාව ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂීයි. මෙම ගල් ලෙන් වලට ලෙනෙහි බිත්ති සහ වහල සුදෙන් කපලාරු කර බිතු සිතුවම් වලින් අලංකාර කෙරුණි. පර්වතයේ ගල් පතුරු මැටි පොළව යටින් අතුරා ඇත.
දඹුල්ල හා සිතුල්පව්ව වැනි ආරාම සංකීර්ණයනිහි එකක 80 කට වැඩි ලෙන් ප්‍රමාණයක් තිබේ. මිහින්තලේ කලුදිය පොකුණේ ගඩොල් බිත්ති ගලින් කළ ජනෙල් සහ සිවිලිම් දක්නට ඇත. සිගිරියේ කිරිඔය ප්‍රදේශයේ තිබෙන ලෙන් වල සිදුරු (Post holes) එහි දැවමය වේදිකාවක් තිබුණු බවට සළකුණු පෙන්වයි. තවත් ලෙනක වහලේ හුණු බදාමෙන් කපලාරු කළ බවට ලකුණු තිබේ. එවැනි ලෙන් අවුකන හා අලංකැලේද දක්නට ඇත. පොළොන්නරුව ගල් විහාරය සහ දඹුල්ල විහාරය පසු කලක පිලිම තැන්පත් කරන ලද ලෙන් විහාර වේ

ආරෝග්‍යශාලා

ආරෝග්යdශාලා ගෘහ නිර්මාණ ශිල්පය ගැන යම් අදහසක් පොලොන්නරුව සහ මිහින්තලේ තිබුණු භික්ෂු රෝහල්වලින් අනුමාන වශයෙන් සිතා ගත හැකිය. මෙම ආරෝග්යනශාලාවල සැලසුම ජාතික ‍ෙකෟතුකාගාරයේදී බැලීමට පුළුවන. ඵහි පිටත අංගන ද, ඇතුළත අංගන ද තිබුණි. චතුරශ්රනකාර ඇතුළු අංගනයක් තිබුණු අතර ඵ් වටා කැනීම්වලදී වැසිකිලි හා නාන කාමර ද තිබුණු බව සොයා ගත් අතර ඵක් කෙළවරකින් පිටවීමේ දොරටුවක්ද විය. ඵක් කුටියක ‍ඖෂධීය නාන කාමරයක් ද විය. ආලාහන පිරිවෙනෙහි කුටි වෙනුවට තිබුනේ දිග නේවාසිකාගාරයන්ය. පිටත අංගනයන්හි භොජන ශාලාවක් ද උණූ වතුර නාන කාමරයක් ද, ගබඩා කාමරයක් සහ බෙහෙත් ශාලාවක් විය. රෝහල වටා ආරක්ෂිත බිත්ති තිබුනේය. ජනෙල්වලට අමතරව විවෘත ශාලා දෙකක් සපයා තිබීමෙන් ගොඩනැගිලි තුළ උපරිම වාතාශ්රමය සැපයීම ද වාතය නිදැල්ලේ හමා යැම ද සිදු විය

නිවාස


කිරිඳි ඔය ආශ්රි ත ප්රලදේශය ක්රිද.පූ. 450 දී පමණ කරන ලද කැනීම්වලින් ක්රි .පූ. 450 දී පමණ ඉදිකරන ලද වරිච්චි බිත්ති සහිත නිවාසයක නටබුන් සොයා ගෙන ඇත. තවත් ඵවැන්නක් වීරවිල, අඳල්ලේ හමුවී ඇත. ක්රිය.ව. 50 සිට 450 දක්වා කාලය තුළ තිබුණු නිවාස ගැන තොරතුරු වලගම්පත්තුවෙන් ලැබේ. කුස්සියේ භාවිතා වූ උපකරණ තවමත් ඵහි තිබේ.
මධ්යුකාලීන යුගයේ ධනවතුන්ට විශාල නිවාස තිබූ අතර ඵ්වා ගලින් සහ හුණු බදාමයෙන් කර උළු වහලින් ද හුණු ගාන ලද බිත්තිවලින් ද යුක්ත විය. ඵ්වා‍යේ දොර ජනෙල්වලින් යුතු කාමර සහ අමුත්තන්ගේ කාමර ද විය. ජනෙල්වලට ඉහළින් අර්ධ කවාකාර කවුළු තිබුනේය. දොරවල්වලට යතුරු, අගුළු සහ අසව් යොදා තිබුනේය. මෙම නිවාසවලට මිදුල් හෝ අංගන සහ සඳලුතලද තිබුණි. වී කෙටීම සඳහා වෙනම කාමර තිබුණු අතර වී ගබඩා කිරීමට අටුවක් ද කරත්ත ආදිය නවතා තැබීමට මඩු ද විය. වැසිකිලි ගැනද සඳහන් කළ යුතුය. හැම ගෙයකටම වාගේ කුස්සියක් තිබුනේය

යාවත්කාලීනය 2016-09-01

කතුහිමිය @ 2016 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.