Add CSS based dropdown menu to blogger

NEWS

16 September 2012

ගෘහ නිර්මාණ ශිල්පය-වාස්තු විද්‍යාව


ගෘහ නිර්මාණ ශිල්පය යනු ගොඩනැගිලි හා අනෙකුත් ද්‍රව්‍යමය ආකෘතීන් නිර්මාණය කිරීමේ හා ඉදිරිකිරීමේ කලාවයි. මිනිසා විසින් සාදන ලද ගොඩනැගිල්ලක් අවට පරිසර සමග සංකලනය වීමේ සිට ඉතා සියුම් වාස්තු විද්‍යාත්මක හා ඉදිකිරීමේ විස්තරයන් ද ඇතැම්විට ගෘහ භාණ්ඩ ද ඇතුළුව මෙය පුලුල් ව අර්ථකථනය කෙරේ. වාස්තු විද්‍යාත්මක සේවාවන් සැපයීමේ වෘත්තියද ගෘහ නිර්මාණ ශිල්පය ලෙස හැඳින්වේ.

ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් ස්කන්ධය, අවකාශය, ස්වරූපය, පරිමාව, ස්වාභාවය (සෑදී තිබෙන ආකාරය), ආකෘතිය, ආලෝකය, සෙවනැලි වැනි දෑ මෙහෙයවීමෙන් හා වියදම්, ඉදිකිරීම් හා තාක්ෂණය වැනි දෑ උපයෝගී කරගනිමින් අවසානයේ සෞන්දර්යාත්මක වූත්, ක්‍රියාකාරී වූත්, කලාත්මක වූත් නිර්මාණයක් කරනු ලබයි. ඒ අනුව සලකා බැලුවිට ඉංජිනේරු විද්‍යාවෙන්, ගෘහ නිර්මාණ ශිල්පය වෙනස් වන්නේ ද්‍රව්‍ය හා හැඩ, ගණිතමය හා විද්‍යාත්මක මූලධර්ම වලට අනුකූලව නිර්මාණාත්මකව මෙහෙයවීම නිසාවෙනි.
නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට අමතරව සංවේදනය මුලික කොටගෙන කර්ණික, දෘශ්‍ය, ආඝ්‍රාණ හා ස්පර්ශක ගෘහ නිර්මාණ ශිල්පය ගොඩනැගී ඇත. අපගේ සංස්කෘතියෙහි ගෘහ නිර්මාණ ශිල්පය දෘශ්‍ය අත්දැකීමක් ලෙස සැලකුවද අනෙකුත් සංවේදනයන් ද අපට ස්වාභාවික හා නිර්මිත පරිසරය අත්විඳීමට ඉවහල් වේ. සංවේදනයන් කෙරෙහි දක්වන්නා වූ ආකල්පය සංස්කෘතීන් අනුව වෙනස් වේ. නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සංවේදන අත්දැකීම, අදහස්, භාෂාවන් හා උපකල්පනය වැනි දෑ වලින් එකිනෙකට බොහෝ සෙයින් වෙනස් වේ.
මෙවැනි නිර්මාණයන් සංස්කෘතික හා දේශපාලන සංකේත හා කලාත්මක නිර්මාණ වශයෙන් වෙන්කොට දැක්විය හැක. ආදි කාලීන ශිෂ්ටාචාරයන් බොහෝ විට ප්‍රධාන වශයෙන් හදුනා ගැනෙන්නේ ඔවුන්ගේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ තුළිනි. ඊජීප්තුවේ පිරමීඩ හා රෝමයේ කොලෝසියම් වැනි ගොඩනැගිලි වැදගත් සංස්කෘතික සංකේතයන් වේ. විද්වතුන් විසින් පැරණි ශිෂ්ටාචාරවල සංකේතයන් පිළිබදව නොයෙකුත් විධි වලින් අනාවරණය කරගෙන තිබුණ ද එවැනි සංකේතයන් තමන්ගේ සංස්කෘතිය පිළිඹිබු කරන සංකේත ලෙස ජනතාවට ඉතා සමීප වේ. වර්තමානයේ දී විවිධ නගර, ප්‍රදේශ හා සංස්කෘතීන්ගේ අනන්‍යතාවය සඳහා නොයෙකුත් වාස්තු විද්‍යාත්මක ස්මාරක භාවිතා කෙරේ

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.