Add CSS based dropdown menu to blogger

NEWS

Showing posts with label soil. Show all posts
Showing posts with label soil. Show all posts

2 January 2015

අත්තිවාරම් (Foundation )

සුභ දවසක් හැමොටම

නොගැඹුරු අත්තිවාරම්(Shallow Foundation)

ඉදිකරන ලද අත්තිවාරම පොළව මට්ටමේ සිට ගැඹුර 3m වඩා අඩු වුයේ නම් එම අත්තිවාරම නොගැඹුරු අත්තිවාරමක් ලෙස හැදින්වේ.මෙම අත්තිවාරම සදහා ගඩොල්,ගල්,කෝන්ක්‍රිට් ආදිය යොදා ගනු ලැබේ.බොහොවිට පසේ දාරාගැනිමේ ශක්තිය /හැකියාව වැඩිනම් හා ගොඩනැගිල්ල මගින් පොළව මත ඇතිකරන තෙරපුම අඩුනම් එවැනි පසක ඉදිකිරිම් කටයුතු සදහා නොගැඹුරු අත්තිවාවරම් යොදා ගනු ලැබේ.මෙම නොගැඹුරු අත්තිවාරම් ඉදි කරනු ලබන හැඩය අනුව කොටස් 3කට වර්ග කරනු ලැබේ.

1. තීරු අත්තිවාරම
2. කොට්ට අත්තිවාරම
3. පහුරු අත්තිවාරම


1.තිරු අත්තිවාරම (Strip Foundation)

ගොඩනැගිල්ලක බිත්ති දිගේතිරුවක් හෝ පටියක් ආකාරයට ඉදිකරනු ලබන බැවින් මෙම අත්තිවාරම් තිරු අත්තිවාරම් ලෙස හදුන්වනු ලැබේ.ගොඩනැගිල්ලක බර අනුව අත්තිවාරම් මත යෙදෙන බලය සලකා බලා අත්තිවාරම් ඉදිකරනු ලබන ආකාරය කොටස් 2කට වෙන්කළ හැකිය.

1.1 වැරගැන්නුම් රහිත තිරු අත්තිවාරම (Strip Foundation without Reinforcements)

ගො ඩනැගිල්ල ඉදිකරනු ලබන මුළු භුමය පුරාම ඉසිලිමේ ධාරිතාව එකම අගයක් ගන්නේ නම් වැරගැන්නුම් රහිත තිරු අත්තිවාරම එම භුමය සදහා සුදුසු වේ. වැරගැන්නුම් රහිත තිරු අත්තිවාරම ඉදිකිරිම් ද්‍රව්‍ය අනුව වර්ග 2කින් දැකිය හැකිය.

1.1.1 ගඩොල් අත්තිවාරම

සාමන්‍යයෙන් පසේ තෙතමන ප්‍රමාණය අඩු හා අත්තිවාරම් ගැඹුර මට්ටම භුගත ජල මට්ටමට වඩා ඉහලින් පිහිටන භුමි සදහා කුඩා ගොඩනැගිලි ඉදි කිරිමෙදි මෙම ගඩොල් අත්තිවාරම් යොදා ගනු ලැබේ.




1.1.2 විශම කළු ගල් අත්තිවාරම

භුගත ජල මට්ටම පොළව මට්ටම ආසන්නයේ පවතින බොරළු වැනි හෝ මැටි මිශ්‍ර වැලි පසක පොලවක් සදහා මෙම අත්තිවාරම් වර්ගය භාවිතා කරනු ලැබේ.මෙම අත්තිවාරමේ පළල අඩි 1යි අගල් 6 සිට අඩි 2 දක්වා ගත හැකි අතර ගැඹුර ගැඹුර අඩි 1 යි අගල් 6 සිට අඩි 3 දක්වා ගත හැකිය.පාදම මට්ටම් කර ගැනිම සදහා හෝ අත්තිවාරම් අරක්ෂාව සදහා 1:3:6 කොන්ක්‍රිට් එකක් භාවිතා කළ හැකිය.


1.2 වැරගැන්නුම් සහිත තිරු අත්තිවාරම (Strip Foundation with Reinforcements)

මද වශයෙන් ආනත භුමියක හෝ වලවල් ගොඩනැගිලි ආදිය ඇති තැනිතලා නොවන භුමයක ගොඩනැගිල්ලක් ඉදිකිරිමට සිදුවිමෙදි පළමුව එහි භුමය මට්ටම කර ගනු ලැබේ.එලෙස මට්ටම් කරගත් භුමිය ඉසිලිමේ ධාරිතාව තැනින් තැනට වෙනස් වේ.එනම් කැපුනු ස්ථාන වැඩි දාරා ගැනිමේ හැකියාවකුත් ,පිරවුනු ස්ථාන වල අඩු දාරාගැනිමේ හැකියාවකුත් ඇත.එවැනි භුමයක අත්තිවාරම් දැමිම සදහා මෙම වැරගැන්නුම් සහිත තිරු අත්තිවාරම ඉතාමත් යොග්‍ය වේ.මිට අමතරව ගෙපල පිරවු භුමයක තනි වහලේ ගොඩනැගිල්ලක් ඉදිකිරිමෙදි මෙම අත්තිවාරම් වර්ගය වඩාත් සුදුසු වේ.

මෙහි අත්තිවරම් පතුලක් සදහා Screed Concrete එකක් යෙදිමට හේතු වන්නේ

  • අත්තිවාරම් කානුව මට්ටම් කර ගැනිම සදහා
  • අත්තිවාරම් පතුලේ සිටින කෘමිසතුන්ගේ ග්‍රහණයට හසු නොවිම සදහා


  • පසේ ඇති ලවණ ගතිය හේතුවෙන් වැරගැන්නුම වලට වෙන හානි වළක්වා ගැනිම සදහා
  • අත්තිවාරම් ඉදිකරන ද්‍රව්‍ය සමග පස් මිශ්‍රවිම වලක්වා ගැනිම සදහා



30 December 2014

ක්ෂේත්‍රයේදි පස් සුසංහනය කිරිම (Soil compaction)

සුභ දවසක් හැමොටම
ක්ෂේත්‍රයේදි පස් සුසංහනය කිරිම ඔබ දැක ඇත.පාරවල් තැනිමෙදි හි පස් තැලිම් සිදු කරන ස්ථාන වල බොහෝ විට මෙම පරික්ෂණ සිදු කරනු ලබයි. මෙයින් ප්‍රධාන වශයෙන් ක්‍රම 2ක් ඇත.
 1. ක්‍රෝ කටර් ක්‍රමය(CORE CUTTER METHOD)
 2. වැලි කේතු (SAND CONE TEST)


DRY DENSITY OF SOIL BY CORE CUTTER METHOD

මේ සදහා ගන්නා උපකරණය යකඩ වලින් නිර්මාණය කර ඇත.මෙමගින් පරික්ෂණය කරන්නේ පස් වල වියළි ඝනත්වයයි.මෙම ‍කටර් එක තද කිරිමෙදි පස තුලට කිදා බැස පස් වලින් පිර‍ෙ.පසුව එය පස් වලින් ඉවතට ගෙන මෙම කටර් එක තුල ඇති පස් බර හා පරිමාව නිර්ණය කර ගත හැක.

උපකරණ

1. කෝකටර් සිලින්ඩරයක්, 100mm ඇතුලත විශ්කම්භයක් සහ  130mm දිග

2. Steel rammer, mass 9kg, overall length with the foot and staff about 900mm.

3. Steel dolley, 25mm high and 100mm internal diameter

4. Weighing balance, accuracy 1g.

5. Palette knife

6. Straight edge, steel rule etc




මෙම උපකරණය 10cm ක විශ්කම්භයකින් සහිතව යකඩ කටර් එකක් සහික තලයකින් සමන්විතය.මෙම තලයේ බර 2.5Kg වේ.සුසංහනය කළ පස් මත තියුණු මුහුණත් සහිත දාර සිටින සේ  සිලින්ඩරය තබා ඒ මත භාරය තබා මිටියෙන්(කුළු ගෙඩියෙන් )තලන ලදි.

පසුව මෙම සිලින්ඩරය වටේ පස් ඉවත් කර සෙමින් ගලවා සිලින්ඩරයේ මුහුණත් දෙක හොදින් මට්ටම් කර ගනු ලබයි.
සිලන්ඩරයේ බර මුලින් ගණනය කළ හැකි බැවින් සිලින්ඩරය තුළ තිබෙන පස් වල බර ගණනය කර ගත හැකි වේ.පසුව එම සිලින්ඩරයේන් පස් සාම්පලයක් ගෙන ජල අනුපාතය සොයා ගත හැක.පහත සමිකරණයෙන් වියළි ඝනත්වය ගණනය කල හැක.
p වියළි ඝනත්වය
y නිකර ඝනත්වය
w ජල අනුපාතය  
M කටර් එක තුළ වියළිි පස් වල බර
V කටර් එක ඇතුලත පරිමාව

ක්ෂේත්‍ර සුසංහනය = (ක්ෂේත්‍රයේ ලැබුනු වියළි ඝනත්වය / 
                     පරික්ෂණයෙන් ලැබුනුු වියළි ඝනත්වය) X 100

මෙයින් සාපේක්ෂ සුසංහනය 98%ට වැඩි නම් හොදින් සුසංහනය වි ඇත.
මෙහි ඊලග කොටසින් වැලි කේතු පරික්ෂාව දැන ගමු.මෙහි නිවරදි ක්‍රියා පිළිවෙල English වලින් දැන ගැනිමට (Read more) කිලික් කරන්න.

27 December 2014

පස් පරික්ෂණ

1. සම්මත පොක්ට(ර්) පරික්ෂණය

මෙම පරික්ෂණය සිදුකරන උපකරණය 1000cm3 ක ධාරිාවයකින් යුත් සිලින්ඩරාකාර ලෝහ අච්චුවකින් යුක්වත වේ. ඉවත් කළ හැකි කොලරයකින් එහි උඩ සවිකර ඇති අතර ඉවත් කර හැකි පාදයක් යටට සවි කර ඇත. 2.5Kg ලෝහමය තැලිම් කූරක් මගින් පාංශු අච්චුව තුළට සුසංහනය කරනු ලැබේ.තැලිම් කූර සිලින්ඩරාකාර අච්චුවේ පිටත කොපුවේව සවිකර ඇත.මෙම තැලිම් කුර සැම ඇවස්ථාවකම ගුරුත්වය යටතේ වැටෙන උස 300mm වන සේ සකස් කර ඇත.

පරික්ෂණය සදහා යොදා ගන්නා පස් පවනේ වේලා BS 20mm දැලෙන් හලනු ලැබේ.ඉන් පසු එයට ජලය ස්වල්පයක් සමග හොදින් මිශ්‍ර්‍ර කරනු ලැබේ.දැන් මෙම පස් ස්ථර 03 කට සුසංහනය කරනු ලැබේ.සෑම තප්පරයක්ම තැලීම් කූර 27 වතාවක් පස මතට 300mm උසක යට‍තේ වැටිමට සලස්වයි.


අච්චුවේ උඩට තෙරපි එන පස් තියුණු පිහියකින් කපා ඉවත් කෙරේ.දැන් මෙම සාම්පලය අච්චුව තුළට සුසංහනය වි ඇති බැවින් සුසංහනය වූ සාම්පලයේ නිකර ඝනත්වය (M/V) අච්චුවේ පරිමාව (1000cm3) හිස් අච්චුවේ බර හා අච්චුවට පිර වු පස් වල බර දන්නා නිසා දැන් අච්චුව තුළ ඇති සාම්පලයේ බර කිරා ගනු ලැබේ.පස් සාම්පලයේ බර ක්‍රමයෙන් වැඩි කරගෙන අවස්ථා කිහිපයකදි ඝනත්වය සොයා ගෙන වියළි ඝනත්වය හා ජල ප්‍රමාණය අතර ප්‍රස්ථාරය අදිනු ලැබේ.

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.