Add CSS based dropdown menu to blogger

NEWS

28 December 2014

ඛණ්ඩාංක පත්‍රයක් පිළයෙල කිරිම (Traverse (surveying))

සුභ දවසක් හැමොටම
මම අද කියා දෙන්නේ ඛණ්ඩාංක පත්‍රයක් පිළයෙල කර ගන්නා ආකාරයයි .
පසුගිය ලිපිය අනුව කේෂත්‍රයේදි මැන ගන්නා අයුරු ඔබට මතක ඇතැයි සිතමි.

අපට මැනින ලද දිග හා දිගාංශට අදාලව මෙම බණ්ඩාංක පත්‍රය පිළියෙල කර ගනි.

(මෙම රැප සටහන් එකම කොළයක එක දිගට ඇදිය යුුුතුය. මෙහි ඉඩ මදි කම හා පැහැදිලි බව සලකා මේ අකාරයට එක් කර ඇත. මම Microsoft Excel  වලින් පිළියෙල කර මෙම වගුව පහත ලින්කුවෙන් ඩවුුුුන්ලෝඩ් කර ගන්න.)



මෙහිදි මැන ගත් ස්ථාන වලට A,B.C.....ආදි නම් කොට සාමන්‍ය දළ සටහනක් ඇද ගත යුතුය..
(විභාග වලදි බොහෝ විට අභ්‍යන්තර කෝණ  හා එක් දිගාංශයක් ලබා දේ එමගින් පහසුවෙන් රෑප සටහනක් ඇද ගත හැකිය.


මේ අාකාරයට දළ රුප සටහනක් හෝ හද පළුවක්(කෝණ මැනිමට ගන්නා උපකරණය) උපයෝගි කරගෙන ඇද ගත හැක.


සැම ලක්ෂයකම උතුර ලකුණු කරගෙන උතුරත් සමග සදන කෝණ සොයා ගැනිමය අවශ්‍ය නිසා අභ්‍යන්තර කෝණ ඇතුළු සියළු කෝණ සොයා ගැනිම ගණන ‍තේරුම් ගැනිමට වැදගත් වේ.

අභ්‍යන්තර කෝණ වල එකතුව 900 0'  25"  ලෙස ඇත. නමුත් පාද 7ක් ඇති බහු අස්‍රයක් නිසා 180(n-2) මගින් 180(7-2)=900 වන නිසා  විකලා 25ක් වැඩි වි දෝශයක් සිදු වි ඇත.එය මග හරවා ගැනිමට පියවිමේ දෝශය මගින් 25/7 මගින් 4",4",4",,4",3",3",3" ලෙස ලබා දේ.

පුර්ණ දිගාංශය සේවිමට A හි පුර්ණ දිගාංශය 187 22' 20" නිසා එයට 178 19' 00" එකතු කරයි. එවිට  180 ට වඩා වැඩි නිසා 180ක් අඩු කර විට B හි පුර්ණ වෘත්ත දිගාංශය ලැබේ.
මෙය මම භාවිතා කරන ක්‍රමයකි.ප්‍රතිමුඛ කෝණ ,සමාන්තර කෝණ, මිත්‍ර කෝණ ලෙස අපි සාමන්‍ය පෙළ අවධියෙදි උගත් පරිදි ඉහත රුපයේ පරදි එම කෝණ 2හි එකතුව 180ක් වේ.මෙය උපයොගිි කරගෙන උතුරත් සමග සාදන සියළු කෝණ සොයා ගත හැක.

පසුව ප්‍රස්ථාරය සම්පුර්ණ කිරිමට ඉහත ආකාරයට වගුව සාදා සොයා ගත් දත්ත වලින් පුරවා ගන්න
නැගෙනහිරට සිදු කල වෙනස සෙවිමට දිගXSin පුර්ණ දිගාංශයද 
උතුරට සිදු කල වෙනස සෙවිමට දිගX Cos පුර්ණ දිගාංශයද  මගින් සොයා ගත හැක. මෙයින් ලැබෙන පිළිතුර ධන හා සෘණ භාවය අනුව  වගුවට ඇතුලත් කර ගන්න.
මෙය පහසුවෙන් සයන්ටිපිස් කැල්කියුලේටරය මගින් ලබා ගැනිමට ෆන්සන් එකක් ලබා දි ඇත.
SHIFT + Rec එවිට මෙසේ දිස් වෙයි Rec(  ලෙස  එවිට දිග ඇතුලත් කොට කොමාව ගසා දිගාංශය ලබා දිය යුතුය.
Rec( 176.84,16 52' 46" )  = 169.2213465
(දිගාංශය සැම විටම 180ට වඩා අඩු අගයකි. 0 සිට 360 ට අතර කෝණ පිහිටන අතර දිගාංශට පිහිටන තැන වැදගත් වේ.NE,SE,EW,WN ආදි ලෙස මෙයන් ධන හා සෘණ අගය තිරණය වේ.)
මුල් අවස්ථාවේ නැගෙනහිරට සිදු කල වෙනසද පසුව කැල් එකේ tan ඔබා = සාමාන ලකුණ එබිමෙන් උතුරට සිදු කළ වෙනස ලබා ගත හැක.
මෙයද අවසාන එකතු කොට අනෙකෙන් අඩු කර විට දෝශ සහතනම් එම දෝශය 7න් බෙදා ( 7න් බෙදන්නේ ලක්ෂ 7ක් ඇති නිසාය) එකින් එකට ඇතුලත් කර යුතුය.ධන නම් සෘණ ලෙසද, සෘණ නම් ධන ලෙසද ඇතුලත් කර නැවතත් උතුරට හා නැගෙනහිරට සිදු කල වෙනසට ශෝධනය කර යුතුය.

පසුව අවසානයේ සුදුසු පුධාන ඛණ්ඩාංක දි ඇත්නම් එවාද (මෙහි 1000,1000) නැතිනම් සුදුසු ඛණ්ඩාංකද තෝරාගෙන එ්වාට අදාල ඛණ්ඩාංක ලබා ගත යුතුය.






1 comment:

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.