Add CSS based dropdown menu to blogger

NEWS

20 January 2015

විකෝණමාන මැනිම (Theodolite Traversing)

සුභ දවසක් හැමොටම නත්තල් එක්සැම් සේරම ඉවරයි..සතුටුයි

අද මම ඔයාලාට කියා දෙන්නෙ Theodolite Traversing වලදි එනම් විශාල භුමියක බිම්යක හෝ මනින භුමිය මට්ටම් නොවන අවස්ථා වලදි  මෙම ක්‍රමය භාවිතා කරයි.

බිම් මැනිමේ ක්‍රම ලෙස දම්වැල් මැනුම,මාලිමා පරික්‍රමණය, විකෝණමාන මැනිම,Total station(TS) ,GPS ලෙස ක්‍රම ඇත.

මෙහිදි මා කියාදෙන්නේ  විකෝණමාන මැනිම(Theodolite Traversing)ය.

මෙය සරළ ලෙස මාලිමාවක් මගින් මැනිමේ ක්‍රමයක්ද ඇත.එය මාලිමා පරික්‍රමණය නම් වේ.නමුත් මෙය ඊට වඩා දියුණු ක්‍රමයක් වේ. 
2005 සිට 2014 දක්වා හා සැම අවුරුද්දකම වාගේ කර්මික විද්‍යාල වල සිවිල් ඉන්ජිනේරු බිම් මැනිමේ ප්‍රශ්ණ පත්‍රයේ මීට අදාල ගණනක් අන්තර්ගත වේ. 20%ක් ලකුණු ප්‍රමාණයක් ලබා දේ. එම නිසා තියරිය වටහාගෙන ගණන යන රටාව අවබෝධ කර ගැනිමෙන් එම 20%ක ලකුණු ප්‍රමාණය පහසුවෙන් ලබා ගත හැක.


විකෝණමාන මැනිම


මැනුම් කටයුුතු වලදි කිසියම් ලකෂයක පිහිටිම සලකුණු කර ගැනිම වෙනත් ලක්ෂයකට සාපේකෂව එම ලක්ෂයේ තිරස් හා සිරස් වෙනස් විම  ලබා ගත යුතුය. මේ සදහා  එම ලක්ෂය හරහා ගමන් කරන රේඛාවකට සාපේක්ෂව කෝණ මැනිය යුතුය.


විකෝණමාන මගින් කෝණ මනින ආකාරය

පළමුව උපකරණය මැනුම් ස්ථානයේ නිවරදව පිහිටුවා මට්ටම් කර පරිමාව බිංදුවේ  පිහිටිමට සකසාගත යුතුය.
ඉන්පසුව විකෝණමානයේ දුරේක්ෂය උතුරට හෝ තෝරාගන්නා හෝ රේඛාවේ දිශාවට දිශානති කර ඉහළ කලම්ප නිදහස්(බුරුල්) කරනු ලැබේ.ඉන්පසු දුරේක්ෂය කෝණය මැනිමට අවශ්‍ය ලක්ෂය දෙසට  දිශානති කර ඉහළ කලම්ප තද කර එහි සියුම් සීරු මාරුව ඉස්කුරුප්පුව මගින් නිවරදිව ස්ථානගත කළ යුතුය.
ඉන්පසුුව පරිමාණය කියවිමෙන්  කෝණය මැන ගත යුුතුය.

අමතර දැනුම 
විවෘත පරික්‍රමණ යනු
පරික්‍රමණයක් යනු එකිනෙකට සම්බන්ධිත මැනුම් රේඛා ජාලයකි.විවෘත පරික්‍රමණයක් යනු කිසියම් දන්නා ස්ථානයකින් ආරම්භ වි වෙනත් නොදන්නා ස්ථානයකින් අවසන් වන පරික්‍රමණ වලට වේ.

සංවෘත පරික්‍රමණ යනු
සංවෘත පරික්‍රමණයක් යනු කිසියම් දන්නා ස්ථානයකින් ආරම්භ වි වෙනත් උනිත ම්‍ට්ටම දන්නා ස්ථානයකින් හෝ පටන් ගත් ස්ථානයෙන්ම අවසන් වන පරික්‍රමණ වලට වේ.

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.