Add CSS based dropdown menu to blogger

NEWS

4 October 2012

පිටත බිත්ති ළඟ අල්මාරි තියන්න එපා

ඉස්‌සර කාලේදී ගෙවල් හැදුවේ අගුව පන්නලා. ඒ කියන්නේ නිවසේ
බිත්තිවලින් අඩි 3 ක්‌ පිටතට පන්නලා තමයි වහලය ඉවර කරන්නේ. එතකොට වැස්‌සට නිවසේ බිත්ති තෙමෙන්නේ නෑ මේක තමයි අපි පැරණි ගෙවල්වල වහලය හදපු ක්‍රමය. නමුත් හේතු කීපයක්‌ නිසා මේ ක්‍රමය අද වෙනස්‌ වෙලා. 

එකක්‌ පරණ ක්‍රමයටම හැමදාම ගෙවල් හදන්නේ නෑ. අලුත් විලාසිතා එනකොට මේ දේවල් වෙනස්‌ වෙනවා. අනිත් කාරණය අද නාගරිකව නම් ගෙවල් හැදෙන්නේ පර්චස්‌ 10-12 ඉඩම්වල. මේ ඉඩම්වල
ගෙවල් හැදෙද්දී අගුවට අඩි 12 ක්‌ විතර වටෙන්ම අයින් කළොත් ගෙයට ඉඩ ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා සීමිත ඉඩ කඩක ගෙවල් හැදීමේදී අගු=ව පැන්නීම කරන්න බැහැ.

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම තැනක ගෙවල් හදන්නේ ගඩොල්, සිමෙන්ති එකතු කර ගෙන කොන්ක්‍රීට්‌වලිනුත් හදනවා. නමුත් ඒක ටිකක්‌ මිල අධික කටයුත්තක්‌ වතුර රැඳෙන්න ගත්තොත් ගඩොල් සිමෙන්තිවලින් හදාපු බිත්තිවලට හානි පැමිණෙනවා. අපි පසුගිය දිනවල මේ අත්දැකීමට මුහුණ දුන්නා. වැස්‌සට නොතෙමුනත් පිරෙන වතුර නිසා හෝ බිත්ති තෙමුණා.

සාමාන්‍යයෙන් නිවසක්‌ හදද්දී පිටත බිත්ති නිවස තුළ බිත්ති වලට වඩා සුමට කරන්න ඕනෑ. බිත්තිවලට සුද මැදලා සුමට කරලා හැදුවාම වතුර රඳනවා අඩුයි. ඉක්‌මනින් බේරිලා ඉවතට යනවා. මිල අඩුවෙන්ම අපට කරන්න පුළුවන් ඒ දේ තමයි.

ඊ ළඟට වහල, බිත්ති කෙළවරින් අවසන් වීම නිසා බිත්තියේ ඉහළ කොටස තෙමෙන එක වළක්‌වා ගන්න ඕනෑ. එවිට අපට තහඩුවක්‌ නමලා බිත්තියේ රඳවන්න පුළුවන්. ඒ බිත්තියේ මුදුන තෙමෙන්නේ නෑ.

මේ හැරුණාම පිටත බිත්තිවල ආලේපයට විවිධ තීන්ත වර්ග නිපදවලා තියෙනවා. මේවා ආලේපය තුළිsනුත් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

වේදර් ෂීල්ඩ් නමින් හඳුන්වන මෙම තීන්ත වර්ගවලින් බිත්ති වලට තෙත ඇල්ලීම බොහෝ දුරට වළක්‌වනවා. ඒ වගේම බිත්තිවල පාසි හෝ පුස්‌ බැඳීම වළක්‌වනවා. දැනට හදලා ඉවර වුණු නිවසක නම් අපට බිත්තිවල ආරක්‍ෂාවට මේ වගේ තීන්ත අලේප කිරීම කරන්න පුළුවන්. බොහෝ විට මේ තීන්ත වසර දෙකෙන් දෙකට අලුත් කරන්න සිදු වෙනවා.

ගෘහනියන්ට දැනුම් දෙන්න ඕන කාරණයක්‌ තිබෙනවා. ඒ තමයි නිවසේ මේ ආකාරයට තෙත උරා ගන්නා බිත්තියක්‌ තිබෙනවා නම් විශේෂයෙන්ම පිටතට තිබෙන බිත්ති අසල අල්මාරි කබඩ් වැනි දේ තබන්න එපා. එය තෙත රැඳී සිටින්න උදව්වක්‌ වෙනවා. එවැනි තැන්වලට වාතාශ්‍රය ලැබෙන්න ඕනෑ. ඒ නිසා එසේ ආවරණය නොවන ලෙස ගෘහ භාණ්‌ඩ තැන්පත් කරන්න. නිතර දොර ජනෙල් ඇරලා වාතාශ්‍රය නිවසට ලැබෙන්න ඉඩ අරින්න ඕන.

1 comment:

  1. නියමයි.තවදුරටත් කරගෙන යාමට හැකියාව ලැබේ වා..

    ReplyDelete

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.