Add CSS based dropdown menu to blogger

NEWS

27 December 2014

පස් පරික්ෂණ

1. සම්මත පොක්ට(ර්) පරික්ෂණය

මෙම පරික්ෂණය සිදුකරන උපකරණය 1000cm3 ක ධාරිාවයකින් යුත් සිලින්ඩරාකාර ලෝහ අච්චුවකින් යුක්වත වේ. ඉවත් කළ හැකි කොලරයකින් එහි උඩ සවිකර ඇති අතර ඉවත් කර හැකි පාදයක් යටට සවි කර ඇත. 2.5Kg ලෝහමය තැලිම් කූරක් මගින් පාංශු අච්චුව තුළට සුසංහනය කරනු ලැබේ.තැලිම් කූර සිලින්ඩරාකාර අච්චුවේ පිටත කොපුවේව සවිකර ඇත.මෙම තැලිම් කුර සැම ඇවස්ථාවකම ගුරුත්වය යටතේ වැටෙන උස 300mm වන සේ සකස් කර ඇත.

පරික්ෂණය සදහා යොදා ගන්නා පස් පවනේ වේලා BS 20mm දැලෙන් හලනු ලැබේ.ඉන් පසු එයට ජලය ස්වල්පයක් සමග හොදින් මිශ්‍ර්‍ර කරනු ලැබේ.දැන් මෙම පස් ස්ථර 03 කට සුසංහනය කරනු ලැබේ.සෑම තප්පරයක්ම තැලීම් කූර 27 වතාවක් පස මතට 300mm උසක යට‍තේ වැටිමට සලස්වයි.


අච්චුවේ උඩට තෙරපි එන පස් තියුණු පිහියකින් කපා ඉවත් කෙරේ.දැන් මෙම සාම්පලය අච්චුව තුළට සුසංහනය වි ඇති බැවින් සුසංහනය වූ සාම්පලයේ නිකර ඝනත්වය (M/V) අච්චුවේ පරිමාව (1000cm3) හිස් අච්චුවේ බර හා අච්චුවට පිර වු පස් වල බර දන්නා නිසා දැන් අච්චුව තුළ ඇති සාම්පලයේ බර කිරා ගනු ලැබේ.පස් සාම්පලයේ බර ක්‍රමයෙන් වැඩි කරගෙන අවස්ථා කිහිපයකදි ඝනත්වය සොයා ගෙන වියළි ඝනත්වය හා ජල ප්‍රමාණය අතර ප්‍රස්ථාරය අදිනු ලැබේ.

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.