Add CSS based dropdown menu to blogger

NEWS

14 February 2013

වැලන්ටයින් 2013-පෙබරවාරි 14-Thursday,

වැලන්ටයින් දිනය

ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය. එදින සාම්ප්‍රදායිකව ආදරවන්තයන් විසින් සමරනු ලබයි. මෙම දිනදී සුඛපැතූම් යැවීම, මල් පොකුරු යැවීම මගින් තම ලබැඳියාව ප්‍රකාශ කරයි.ක්‍රිස්තියානි පූජකතුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැඛී ඇත.

ශ්‍රී ලංකාව තුල මෙම සැලකියයුතු මට්ටමකින් සැමරීම ආරම්භ වූයේ 1990 දශකයේදීය. ශ්‍රී ලංකාවේදී මෙම දිනය ආගමික ස්වරූපයක් නොගන්නා අතර හුදෙක් වාණිජමය සහ සමාජයීයමය ස්වරූපයක් ගනී.
වැලන්ටයින් ගැන පුරාවෘත කීපයක්ම ඇත. ඔහු ක්‍රිස්තියානි හෝ කතෝලික පූජකයෙක් විය යුතුය. මේ එක කතන්දරයකි.

14 වන සියවසේ අප්‍රිකාවේ රෝමානු පෙදෙසේ ක්‍රිස්තියානියන්ට අපල කාලයක් විය. ඔවුනට උදවු කිරීමද අපරාධයක් සේ සැළකිණි. වැලන්ටයින් නම් අයෙක් ක්‍රිස්තියානියන්ට උදවු කිරීම හා ඔවුනට විවාහ වීමට උපකාර කිරීමත් නිසා එවකට රජ කළ ක්ලෝඩියස් රජුගේ උදහසට ලක්වී මරා දැමින.

ඔහුගේ දේහය මිහිදන් කර ඇත්තේ පෙබරවාරි 14 දිනකය. වැලන්ටයින් පෙම්වතුන් වෙනුවෙන් දිවි පිදූ නිසා ඔහු වීරයෙකි. 1969 වසරේදී ඔහු සාන්තුවරයෙක් ලෙස නම් කොට ඇති නිසා මෙම දිනය ආගමික ස්වරූපයක් ගනී.

 පෙබරවාරි මුල් සතියේ හදවත් හැඩයට නිපදවුනු සුභපැතුම්, කාඩ්පත්,හදවත් මුද්‍රණය කළ ඇඳුම් කේක් . රස කැවිලි ආදියෙන් වෙළඳ සැල් පිරී යයි. අවන්හල් අතුරු සිදුරු නැතිව පිරී යයි. “හැපි වැලන්ටයින්ස් ඩේ” කියා ගනිමින් එකිනෙකාට සුභ පතා ගනිති. ආදරවන්තයන් පමණක් නොව, සැමියා බිරිඳටද, බිරිඳ සැමියාටද මෙසේ සුභ පතා ගනිති. තෑගි භෝග හුවමාරු කර ගනිති.

No comments:

Post a Comment

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි...

යාවත්කාලීනය 2019-03-12

කතුහිමිය @ 2019 පන්නිලගේ නිලන්ත දයා කුමාර
සියළු හිමිකම් අැවිරිනි.